‌ආදරේ

1.7K 182 40
                                    


"බූබු....අබා..පූ...ඔවෑ.....ඉහි ඉහි...." 

"කෙන් බබා අඬනවා." මං ඇඳ පුරාම නින්දෙන්ම අතගාලා කෙන්ව හෙව්වේ බබා අඬනවා කියලා කියන්න. "කෙන් ඇහැරෙන්න...බබා අඬනවා...." කෝ අප්පා මෙයා. මං  ඇස් පියාගෙන ඇඳ පුරාම අතගාලා කෙන් නැති තැන මං ඇස් දෙක ඇරියා. කෙන් නෑ. මං  ඉක්මනට සාලෙට ගිහින් බැලුවේ කෝ කෙන් කියලා. මං සාලෙට යනකොට කෙන් ශර්ට් එකක්වත් නැතුව බබාව වඩාගෙන එහාට මෙහාට ඇවිදිනවා. 

"අඬන්නෙපා පුතූ.......මං ඉන්නවනේ....අඬන්නෙපා හොඳේ." කිය කියම අනිප්පැත්ත හැරුන කොල්ලා මාව දැක්කා. ඒ ඇස් දෙකේ නිදිමත බේරෙනවා. ඒ තියාගෙනත් එයා හිනාවෙනවා. මං ගිහිල්ලා පිටිපස්සෙන් බදාගත්තා දෙන්නවම. 

"අයූ...ඇහැරුනාද ඔයාට." කොල්ලා ලාවට හිනාවෙන ගමන්  මගේ උරිස්සෙන් ඔලුව තියාගෙන ඇහුවා. 

"ම්ම්ම්...කෝ දෙන්න මං තියාගන්නම්. ඔයා ටිකක් නිදියගන්න." මට ඕනේ වුනේ එයාට පොඩි විවේකයක් දෙන්න. 

"ඕන්නෑ අයූ. කමක් නෑ. මං ටිකක් ඇහැරන් ඉන්නම්. ආයේ ඇඬුවොත්. ඔයා නිදියගන්න." මං කෙන්ව බදාගෙනම සාලෙම බිමින් ඉඳගත්තා. ටික වෙලාවක්  අඬ අඬ හිටිය පොඩ්ඩා සන්සුන් වුනා. මෙන්න ඒ පාර දිවත් දාගෙන කෙන් දිහා බලන් ඉන්නවා. ටික වෙලාවකට පස්සේ පොඩ්ඩා මොනාද ඉල්ලන්න ගත්තා කෙන්ගෙන්. 

"බුබා..බූබ්බූ..." 

"ම්ම්ම්...කුක්කු ඕනෙද?ආ....ඒනම් සුට්ටක් ඉන්නවද ඩැඩාගේ අතේ මං හදන් එන්නම්. ආහ්...ආව්..." මගේ අතට දෙන්න ගිය පොඩ්ඩා කෙන් දිහා බලාගෙන කෙන්ගේ නිපල් එකක් හැපුවා. මාව ගැස්සිලා ගියා. කෙන්ගේ ඇස් දෙකේ කඳුලු බේරෙනවා. එක අතකින් බබාව වඩාගෙන හිටිය කෙන් අනික් අතින් කලිසම පොඩි කරන විදියෙන් මට තේරුණා එයාට කොච්චර රිදෙනවද කියලා. දත් නැතුවට පොඩ්ඩා හපන ඒවා රිදෙනවා ඉතින්. අයින් කරන්න කරන්න පොඩ්ඩා තවත් හපනවා. 

"අනේ පැට්ටෝ...හපන්නෙපා කුකූ. පව් නේ රිදෙනවනේ. " මට බලන් ඉන්න බැරිම තැන මං පොඩ්ඩව අයින් කරන්න හදන ගමන් කිව්වා. 

"ආහ්...කමක් නෑ අයූ. ආව්...." කම්මුල් දිගේ බේරෙන කඳුලු බිමටත් වැටෙද්දි කෙන් මාව නැවැත්තුවා. 

UnbeatableHikayelerin yaşadığı yer. Şimdi keşfedin