ගෙදර

742 141 25
                                    

අද නිවාඩු දවසක්. මං ගෙදර වැඩත් ටිකක් ඉවර කරලා අයූත් එක්කම බබාව තියාගෙන සෙල්ලම් කර කර හිටියා. බෝලයක් අරන් ශිවූ දුවනකොට අයූ පස්සෙන් දුවනවා. ශිවූ දුවගෙන ඇවිල්ලා මගේ පිටිපස්සේ හැංගෙනවා. අයූ අපි දෙන්නවම තණකොල බිස්සේ පෙරළලා මට කුචි කැව්වා. 

"ආහ්....හෙහෙහෙ...අනේ අයූ නවත්තනවා.....අයූහ්..." 

"කමෝන් ඩැඩා. තව කුති කවමු තාතට." හනේ හනේ ශෝක් පොඩ්ඩා. උඩ පැන පැන කෑ ගහනවා. 

"ඒක තමා. බබාත් කියනවා," 

"අයූහ්...නවත්තන්නකෝ...හුස්ම ගන්නත් බෑ" අයූ මට කුචි කවන එක නවත්තලා බිම හාන්සි වෙලා බබාව බඩ උඩින් තියාගත්තා. බබා එතන ඉඳගෙන අයූගේ රැවුලෙන් අදිනවා. සතුටුයි මට. මගේ හස්බන්ඩ් එක්ක මගේ බබා එක්ක ඉන්නවා තරන් සතුටක් තවත් කොයින්ද? අයූ මාවත් අතකින් ඇදලා අරන් තුරුල් කරගත්තා. මං දෙන්නට තව ටිකක් සෙල්ලම් කරන්න කියලා කිචන් එකට ආවේ ලන්ච් හදන්න. 

මොන සෙල්ලම්ද මෙන්න මේ දෙන්නත් මගේ පස්සෙන්ම කිචන් එකේ. 

"මොකෝ...?" මං ඇහුවේ අයූගෙන්. 

"හී....උදව් කරන්න ආවේ ඔයාට" අයූ දත් තිස් දෙකම දාලා විරිත්තුවා. 

"යේ යේ ශිවූයි ඩැඩයි ආවේ තාතාට හෙල්ප් කලන්න....." අත් දෙක උස්සගෙන කෑ ගහන එක ශිවූගේ ප්‍රියතම වැඩක්. 

"ආ එහෙනම් මේක බීට් කරන්න." මං අයූට ඔම්ලට් හදන්න ගත්ත බිත්තර ටික දාපු භාජනේ දුන්නා. 

"යේ තාතා අපි දෙන්නට වැඩක් දුන්නා" ඒ බබා කියලද හිතන්නේ.නෑ මොන පිස්සුද ඒ අයූ. පිස්සෙක් මූ නම්. මං හිනා වෙවීම අයූට උරිස්සට පාරක් ගහලා මං කප කප හිටිය එලෝලු ටික කපන්න ගත්තා. අයූ බබාව මේසෙ උඩින් ඉන්දවලා කකුලකට අතක් තියාගෙන බිත්තර ටික බීට් කරන්න ගත්තා. මං එලෝලු ටික කපලා ඉවර වෙද්දි මට කසුකුසුවක් ඇහෙන්න ගත්තා පිටිපස්සෙන්.

"යංයං ඉක්මනට තාතා දකින්න කලින් වොශ් දාමු"

"ශ්ශ්..ඩැඩා බී සයිලන්ට්" මං හැරුනේ මේ දෙන්නා මොකක් හරි හොර වැඩක් කරනවා කියලා දැනුන නිසා. දෙයියනෙ මොකද්ද මේ කරගෙන තියෙන්නේ....

UnbeatableOù les histoires vivent. Découvrez maintenant