"ආයිශ්...වට් ද ෆක්...ඇයි මේ මඟුල මෙහෙම...?" මං ඔලුවටත් අතක් තියාගෙන කල්පනා කරේ මේ ගානේ උත්තරේ මට එන්නේ නැත්තේ ඇයි කියලා. ඩෑම්න් ඉට්...දැන් පැය 2 විතර වෙනවා.
"තාතා....." මං කුස්සියේ ඉඳපු තාතාට කෑගැහුවා.
"කෑ ගහන්නෙපා ශිවූ. ඉන්න එනකන්." තාතාගේ කටහඬ ඇහුනා.
"මොකෝ කෑ ගහන්නේ ආ...?"
"මේ ගාන හදාගන්න බෑ අප්පා"
"කෝ දෙන්න බලන්න" තාතා මගේ උරහිසට උඩින් පොතට එබුනා. මේ මොඩ්ල් බුක් එක කම්පෙටිශන් එකේ.
"""""ටොයිං"""" තාතාගේ අතේ තිබ්බ ස්පැතියුලා එක මගේ ඔලුවට කෙටි ගොඩබෑමක් කරා. "ආව්...වයි..." මං ඔලුවත් අතගගා ඇහුවා.
"බලන්නකෝ ඔයාම මොකද්ද කරලා තියන වැරැද්ද කියලා" තාතා ඔහොම්මමයී අප්පා. වැරැද්ද කියන්නේ නෑ. මංම හොයාගන්නකන් ඉන්නවා. සාන්තහ්.....200 වෙනුවට 20 දාලා කියන්නකෝ. මං මෝඩ හිනාවක් දාගෙන ගාන මැකුවා.
"එන්ට්රන්ස් එක ඇක්සෙප්ට් කල කෙනා දන්නවනම් හොයාගෙන ඇවිත් ගහලා යනවා" තාතා හිනා වෙවී කිව්වා.
"තාතා...." මං පොත වහලා ඇඳෙන් ඉඳගෙන තාතාගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා. ඒ ඇඟිලි කෙස් අස්සේ තෙරපෙනකොට නින්ද අතවනනවා මට. මං ආසයී ඉඳලා හිටලා මේම හුරතල් වෙන්න. හිකිස්.
"ම්ම්ම්...මොකෝ පුතූට මහන්සිද?"
"නෑ."
"එහෙනම්...?"
"මට නිකන් හිතුනා තාතා ලඟ ඉන්න"
"ඒ මොකද ඒ....? එකපාරටම..?"
"නිකන් ඉතින්." තාතා ටික වෙලාවක් මගේ ඔලුව අතගෑවා.
"තාතා..."
"ම්ම්ම්...ඇයි පුතූ"
"විහස්ලා මට හැමදාම කරදර කරයිද...?"
"මං දන්නේ නෑ ශිවූ. එයාලටම එපා වෙච්ච දවසක හරි එයාලට තේරුම් ගිය දවසක හරි....නවත්තයී සමහරවිට" තාතා මගේ නලලට කිස් එකක් දුන්නා.
"ඇයි මට කවුරුවත් යාලුවෙක් නැත්තේ....?"
"අනේ පුතූ. මගේ රත්තරන්ට මං ඉන්නේ. පුතූට යාලුවෙක් ඕනිද....?"