6th Chapter

97 15 19
                                    

Jimin pov

ඊටපස්සේ ඩොක්ටර් මාව එයාගෙ රූම් එකට එක්කං ගියා. මං හුගක් බයවෙලා හිටියෙ මොකද ඩොක්ටර්ගෙ මූන එච්චර හොද නැති නිසා. ඊටපස්සේ ජන්කුක් ගැන හැමදෙයක්ම කිව්වෙ ඩොක්ටර් ඒ ගැන බලකරපු නිසා.

"ඩොක්ටර් මොකක්ද ජන්කුක්ගෙ තියෙන ප්‍රශ්නෙ? ජන්කූක්ට ගොඩක් අමාරුයිද ඩොක්ටර්?"

මං අන්තිමට මගෙ හිතේ හිරකරගෙන තිබ්බ එකම ප්‍රශ්නෙ ඇහුවා.

" ජන්කුක්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ජිමින්."

"ඇයි ඩොක්ටර් මොකක්ද?"

"මං දන්නෙ නෑ මේක ඔයා දන්නවද කියල."

"මොකක්ද ඩොක්ටර්?"

"මේකයි."

"ජන්කුක්ට කැන්සර් එකක් තියෙනවා ජිමින්. එයාගෙ ජීවිතය තව කොච්චර කල් තියෙයිද කියලා ගැන කියන්න බෑ ජිමින්."

ඩොක්ටර් කිව්ව දේ මට හීනෙන් වගේ ආයෙ ආයෙ ඇහෙන්න ගත්තා.

"එයාව හොද කරන්න බැරිද ඩොක්ටර්?"

"එයාගෙ පිලිකා සෛල ඇගෙ පැතිරිලා ඉවරයි ජිමින්. එයා ගැන බලාපොරොත්තුවක් තියන්න බෑ."

මට ඕනකම තිබ්බෙ මොන ලෝකෙන් හරි එයාට බෙහෙත් දීලා එයාව සනීප කරවන්න. ඒත් ඒ බලාපොරොත්තුවත් බිදදැම්මෙ ඩොක්ටර්ගෙ කතාවෙන් පස්සෙ. මට කෑ ගහලා අඩන්න හිතුනා. ඒත් මට කෑ ගහන්න තියා කතා කරන්නවත් ශක්තියක් තිබ්බෙ නෑ.

එ.... එ... එතකොට ඩොක්ටර් එයාට ඇක්සිඩන්ට් එකෙන් මුකුත් ප්‍රශ්නයක් වෙලා නැද්ද?

"ඇක්සිඩන්ට් එක නිසා ජන්කුක්ගෙ වම් කකුල ගොඩක් ඩැමේජ් වෙලා.ඒක නිසා ඒ කකුල කපන්න වෙනවා ජිමින්."

ඩොක්ටර්ගෙ වචනත් එක්ක මගෙ හිත ගොඩක් කඩා වැටුනා.

"ඔයා ජන්කුක්ට හොද යාලුවෙක් නෙවෙයි සහෝදරයෙක් ජිමින්. එයාට ඔයාව ගොඩාක් වටිනවා. ඒක නිසා තමන්ගෙ සහෝදරයා කියලා හිතලා හරි කරන්න තියෙන්නේ එයාව මැරෙනකම්ම සතුටින් තියන එක. ඔයා වගේ හොද සහෝදරයෙක් ලබන්න එයා ගොඩක් පින් කරලා තියෙනවා. මේ වගේ යාළුකම් ලෝකෙ ගොඩක් අඩුයි. ඒක නිසා ඒ යාළුකම මැරෙනකම්ම තියාගන්න. හැමවෙලේම ජන්කුක්ව සතුටින් තියන්න බලන්න. මං දන්නවා සහෝදරයෙක් විදියට යාලුවෙක් විදියට ඔයාට ගොඩක් දුකයි කියලා. ඒත් කරන්න තියෙන්නේ මේක නම් ඒක උපරිමයෙන් එයාට කරන්න. එයාව උපරිමයෙන් සතුටින් තියන්න බලන්න. එයාව ඉන්න ටික කාලෙ ආදරයෙන් බලාගන්න ජිමින්. ඩොක්ටර් කෙනෙක් විදියට මට දෙන්න තියෙන උපදෙස මේකයි."

Lost love (Jimin X Jungkook Story)Where stories live. Discover now