7th Chapter

102 16 7
                                    

Jimin pov

එදා දවසෙම මං ජන්කුක්ව තනි නොකර එයා ළගින්ම හිටියා. මං එයා ගාවින් එක තත්පරයක් හෙල්ලුනෙ නැහැ. එහෙම කලොත් එයාට දුක හිතෙයි කියල බයටයි මං එහෙම කලේ. මොකද එයාට හැමදේකටම හිටියෙ මං විතරක් නිසා.

රෑ නින්දෙදි ජන්කුක් කෙදිරි ගාන්න ගත්තා. සමහරවිට එයාගෙ කකූල ගොඩක් රිදෙනවා ඇති.

“ජන්කුකා... රිදෙනවාද ගොඩක්?" මං එයාගෙ කකුල අතගාලා ඇහුවා.

“ම්ම්හ්... "

එයාට රිදෙනවා ඇති ගොඩක්.

මං ළගට ඇවිත් එයාගෙ ඔළුව අතගාන්න ගත්තාම එයාගෙ කෙදිරිල්ල නැතිවෙලා ගියා. එහෙම ගොඩක් වෙලා එයාට නින්ද යනකම්ම මං මගේ ඇගිලි තුඩු එයාගෙ සිනිදු කොන්ඩෙ අතරෙ එහාට මෙහාට යැව්වා.

“ඉවසන්න ජන්කුක්.ඔයාට ඉක්මනින් හොද වෙයි."

එයා මාව දාලා යනවා කියලා දැන දැනත් මට කියන්න පුළුවන් වුනෙ එච්චරයි.

“ඔම්මා...."

මං ඔළුව අතගාද්දි ජන්කුක් හීනෙන් කිව්වා මට ඇහුනා. එයා තාම ඔම්මගෙ උනුහුම හොයනවා. දෙයියනේ මේ කොල්ලා කොච්චර ලොකු වේදනාවක් විදිනවද? තමන්ට ලගදිම මේ හැමදේම දාලා මේ ලෝකෙන් යන්න වෙනවා කියලා දැන දැනත් තාමත් ඔම්මගෙ ආදරේ හොයනවා. අඩුම මේ කොල්ලට නින්දෙදිවත් නිදහසක් නෑ. මේ වගේ තව කොච්චර අය ඇතිද මේ ලෝකෙ විදවන? ඔම්මව ඕනෙම කාලෙ ඔම්මා ළග නැති වුනාම දැනෙන අසරණකම, දුක විස්තර කරන්න බෑ. ජන්කුකාව දැක්කම මට මගෙ ඇස්වල කදුළු එන එක නවත්තන්න බැරි වුනා. මං එදා දවසෙම ජන්කුක් දිහා බලාගෙන අඩපු එක විතරයි කලේ. සමහර විට මේ කුරිරු ලෝකෙ දාලා යන එක එයාට හොදයි. නැත්තං මේ කොල්ලාට සැනසීමක් මේ මුළු ජීවිත කාලයෙන්ම හම්බවෙන්නෙ නැති වෙයි.

ජන්කුක්ව ඇක්සිඩන්ට් වෙලා කකුල කපන්න වුනා කිව්වාම ඔම්මා ගොඩක් ඇඩුවා. ජන්කුක්ව බලන්න ඕනෙ කියලා බල කලා. කකුල කැපුවා කිව්වාම ඔම්මා මෙහෙම දුක් වෙනවානම් කැන්සර් එකක් තියෙනවා කිව්වාම ඔම්මට මොනවා හිතෙයිද?

ඔම්මගෙ බල කිරීමට මං ඔම්මව ජන්කුක් බලන්න එක්කං ආවා. ඔම්මා ඇවිත් ජන්කුක්ගෙ කකුල අතගෑවා. ඔම්මා තමන් අතින්ම හදපු කෑම ජන්කුක්ට කැව්වා.

Lost love (Jimin X Jungkook Story)Where stories live. Discover now