9th Chapter (Final)

125 15 8
                                    

Jimin pov

යූන්ව බලපු ඩොක්ටර් රූම් එකෙන් එනකං මං බලාගෙන හිටියෙ ඇගිලි ගැන ගැන.

"Congratulations mister Jimin ඔයා අප්පා කෙනෙක් වෙන්නයි යන්නේ."

ඩොක්ටර් මගෙ අත් දෙක අල්ලගෙන කිව්වා. මට මේ ආරංචියට සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බැරි වුණා. ජන්කුකා ගියපු ගමන් මගෙ ජීවිතේට දැන් අලුත් කෙනෙක් ආවා. මට ලොකු වගකීමක් හම්බුනා වගේ හිතට දැනුනා.

5 years later

අද ඉර පායපු ලස්සන දවසක්. මගෙ එහා පැත්තේ ලස්සන ලිලී මල් පොකුරක් ලෑස්ති කරලා තිබ්බා. මං ඒවා දිහා ආදරයෙන් බලා හිටියා.

"අප්පා...."

මං එහෙම නිවී හැනහිල්ලේ කල්පනාවක ඉන්නකොට චූටි දරුවෙක්ගෙ ලස්සන කටහඩක් මට ඇහුනා. එතකොටම මං ගාවට දුවගෙන ආවෙ ජන්කුක් වගේම ලෝකේ මට ඉන්න වටිනාම වස්තුව. මගෙ චූටි පුතා. මින්කුක්. අහම්බයක් වුනාට එයාගෙ හැසිරීම, පෙනුම ජන්කුක් වගේමයි. හරිම හුරුබුහුටි කටකාර ලස්සන කොල්ලෙක්. අපි ඒක නිසාම එයාට කුකී කියලා කියන්නේ.

මං එයාව මගෙ උකුලට ගත්තා.

"මගෙ කුකී පැටියෝ ඔයා අද ජන්කුක් සම්චොන් බලන්න ලෑස්ති වෙන්නෙ නැද්ද?"

"අප්පා මං මේ ලත්තනට ඇදගෙන ඉන්නේ ඒකටනෙ අනෙ."

"අනෙ ඔව්නෙ. ඔයා ලෑස්ති වෙලා නෙ ඉන්නෙ නේද? කෝ ඉතින් ඔම්මා?"

"එයා තාම ලෑත්ති වෙනවා. මං හිතන්නේ තව පැය තුනක් වත් යයි."

"අනෙ මගෙ පණ්ඩිත සීයා." මං එහෙම කියලා කුකීව බදාගත්තා.

අදට ජන්කුකා අපිව දාලා ගිහින් අවුරුදු හතක්. ඒක නිසා අද දවස අපිට ගොඩක් මතකයන් මතක් වෙන දවසක් වුනා. ඒක නිසාමයි අපි තුන්දෙනා අද ජන්කුක්ගෙ සොහොනට යන්න හිතුවේ.

අපි කනත්තට යනකොට කුකී දුවගෙන ජන්කුක්ගෙ සොහොන ලගට ගියා.

"ජන්කුක් සම්චොන් ඔයා මං එනකං බලාගෙන හිටියද? මං ඔයාට රතම රත චොකලට් එකකුත් ගේන්න හිටියෙ. කෝද ඉතිං අප්පා මත ගේන්න දුන්නෙ නෑනෙ. කමක් නෑ මං ඔයාත ලත්තනම ලත්තන ලිලී මල් ටිකක් ගෙනාවා.
මේවා ඔයා තියාගන්නකො. ඔයා ඉතිං මාත් එක්ක කතා කලන්නෙ නෑනෙ. ඒ වුණාට ඔයා මත ගොඩාලියක් ආදරෙයි කියලා අප්පා මත කිව්වා. මමත් ඔයාත ගොඩාලියක් ආදරෙයි. මේ මල් ටික ගන්න හොදේ."

Lost love (Jimin X Jungkook Story)Where stories live. Discover now