Chapter 8

498 200 9
                                    


යුන්ගි..මගෙ අතින් හොඳින් අල්ලගෙන හිටියා..

"ඔයා කලබල වෙන්න එපා ගායොන්..මාව විශ්වාස කරන්න..මම කිසිම දවසක ඔයාට හිනාවෙලා නෑ..හිනා වෙන්නෙත් නෑ.."එයා කිව්වෙ මගෙ ඇස් දෙක දිහා බලාගෙන..

ඒත් ඒ ඇස්වල ලොකු ගැඹුරක් තිබ්බා..අවසානයක් හොයාගන්න බැරි ගැඹුරු කතාවක්..

ඒ ඇස් ඉස්සරහා මම සන්සුන් වුණා..

"මම..අ..වූෆ්..අමුතු කෙල්ලෙක්..හික්..යු..යුන්ගි.."මම ඒ ටික කියද්දි මගෙ ඇස් දෙක බොඳ වෙන විදිහ මට දැනුනා..

මම අඬනවා..මම අසාමාන්‍යයි කියලා හිතෙන හැම වෙලාවකම මම අඬන එක පුරුද්දක් කරගෙන තිබ්බා..

යුන්ගිගෙ ඇඟිලි රටාවකට මගෙ කම්මුල් පුරා දුවලා ඒ කඳුළු පිහිදැම්මා..

මම එයා දිහා ඔහේ බලන් හිටියා..

ඇයි යුන්ගි මෙහෙම කරන්නෙ..??

ජීවිතේ එකපාරක් දෙපාරක් මුණ ගැහුණ කෙල්ලෙක් වෙනුවෙන් මෙච්චර තැවෙන්නෙ ඇයි..??

"ඔයා අමුතු කෙල්ලෙක් නෙමෙයි..ඉස්කෝලෙ ළමයින්ගෙනුත් 1%කටම tourette syndrome තියෙනවා..මම දන්නවා ඒක..ඔයා ගොඩක් ශක්තිමත්.."එයා එහෙම කියලා මගෙ ඔළුව අතගෑවා..

ඒත්..මං දැක්ක දේ..

ඒ ඇස්වල යන්තමට තෙතමනයක් රැඳිලා තිබ්බා..කඳුළු වලින්..

"යුන්ගි..ඔයා අඬ-හික්..ඔයා අඬනවා..උෆ්.."

එයා මාව බදාගත්තා..මගෙ හදවත ගැහෙන සද්දෙ මටම ඇහෙද්දි එයා මාව ගොඩක් තදින් වැළඳගෙන හිටියා..

මට ඇහුණා හීනි ඉකියක් එක්ක වචන කිහිපයක්..

"එයාට වුණ දේ..ඔයාටත් වෙනවට මම කැමති නෑ ගායොන්.."


Love Syndrome | Yoongi Centric | CompletedWhere stories live. Discover now