Chapter 2

644 204 5
                                    

"ඉන්න.."එයා කිව්වා...

මටත් නතර වෙලා එයාට ස්තූති කරන්න ඕනෙ වුණත් මම එයා දිහා නොබලාම ආයෙත් යන්න හැරුණා..
හරියට වචනයක්වත් කතා කරගන්න බැරුව මම කොහොමද එයාට ස්තූති කරන්නෙ..??

"ටිකක් නවතින්න.."එයා දිගටම මගෙ පස්සෙන් ඇවිදිගෙන එනවා කියලා මට දැනුන නිසාම මම මගේ වේගය වැඩි කළා..

"ඉන්න මට ටිකක් කතා කරන්න ඕනෙ.."එයා දුවගෙන ඇවිත් මගෙ අතින් අල්ලගන්නකොට මාව ගැස්සුණා..

"බය වෙන්න එපා..ඇයි පැනලා යන්න හදන්නෙ.."සීනි පාට හමක් තිබ්බ ඒ කොල්ලා මං දිහා අමුතු විදිහට බලලා කිව්වා..ඒත් ඒ බැල්ම අනිත් මිනිස්සු මං දිහා බලන බැල්ම නෙමෙයි..වෙනස්ම ආගන්තුක බැල්මක්..

"ම..මට..ය..යන්..හික්..යන්න..දෙන්න..හික්.."මං එයාගෙ ග්‍රහණයෙන් මගෙ අත ගලව ගන්න උත්සහා කරන ගමන් කිව්වා..

මගෙ කතා විලාසයෙ වෙනස තේරුම් ගත්ත නිසාදෝ..

ඒ කොල්ලාගෙ බැල්මත් අනිත් මිනිස්සුන්ගෙ බැල්මටම හුවමාරු වුණා..

ඔව්..ඒ බැල්මමයි..

අනුකම්පාව මුසු තේරුම් ගන්න බැරි බැල්මක්..

Love Syndrome | Yoongi Centric | CompletedHikayelerin yaşadığı yer. Şimdi keşfedin