මම උදේ ඇස් අරිද්දි හිටියෙ එයාගෙ තුරුලෙ..මම හිමින් මගෙ ඇඟිලි තුඩු එයාගෙ මූණ දිගේ පරිස්සමට අරගෙන ගියා..
ඒත් එකපාරම මගෙ ඇඟට කරන්ට් එක වදිනවා වගේ දැනෙද්දි මගෙ ඇඟිල්ල ගමන් කරපු මාර්ගය පිට පැනලා යුන්ගිගෙ නහයෙත් තොල්වලත් වැදුණා..
මම පොරවගෙන හිටිය බ්ලැන්කට් එකෙන් මූණ වහගත්තෙ ඒ අස්සට රිංගගෙන..එයා අනිවාරෙන්ම නින්දෙන් නැගිටින්න ඇති කියලා මම අනුමාන කළා..
ටික වෙලාවක් යනකනුත් කිසිම සද්දයක් නැති නිසා මම ඇස් දෙකේ සීමාවෙන් බ්ලැන්කට් එක අයින් කරලා ඉස්සිලා බැලුවා..
යුන්ගි හිටියෙ මගෙ මූණට එබීගෙන..
මම එයාව දැක්ක ගමන් ආයෙත් බ්ලැන්කට් එකට රිංගන්න හැදුවත් යුන්ගි මගෙ අතින් ඇදලා අරගෙන එයාට ළං කරගත්තා..මම එයාගෙ හුස්මක දුරින් හිටියෙ..
"ඔයා මොනවද මේ කරන්නෙ..වුෆ්..යුන්ගි..හික්..?"මම එයාගෙ ග්‍රහණයෙන් අයින් වෙන්න හැදුවත් එයා මාව තදින් අල්ලගෙන..
"හොර කෙල්ල..මම බලාගෙන හිටියෙ.."එයා කිව්වෙ මට කෙටි හාදුවක් දීලා..
මම එයාව පැත්තකට තල්ලු කරලා දාලා ඇඳෙන් නැගිටලා කාමරෙන් එලියට දුවන්න හැදුවත් යුන්ගි මට වඩා වේගවත් වුණා..මගෙ පස්සෙන් දුවගෙන ආපු යුන්ගි මාව බැක්හග් කළේ මගෙ ඉණ වටේ අත් දෙකත් දාගෙන..
යුන්ගිගෙ සීතල තොල් මගෙ කන්පෙති වල වදින විදිහ මට දැනුනා..
"යාහ්..මින් යුන්ගි.."මං කිව්වෙ දඟලන ගමන්..
"වේ..මින් ගායොන්??ඔයා හැමදාම පැනලා යන්න හදනවා..හරියට අපි අර කඩවීදියෙ මුණ ගැහුණ වෙලාව වගේම.."යුන්ගි මුමුණද්දි මම එයාගෙ පැත්තට හැරුණා..
යුන්ගි මගෙ ඉණ දෙපැත්තෙන් අත තියාගෙන ඉන්නකොට මම එයාගෙ බෙල්ල වටේ මගෙ අත් පැටලෙව්වා..
"ම-මට අහන්න දෙයක් උෆ්..තියෙනවා.."මම ඇහුවෙ අපි මුණ ගැහුණ දවසෙ ඉඳන්ම හිතේ මතු වෙවී තිබ්බ ප්‍රශ්නය මතක් කරගෙන..
"ඉතින් අහන්න.."
"ඔයා..මං ගැන..tourette එක ගැන...හික්..දැනගෙන හිටියානම්..වුෆ්..එදා..අපි..මුණගැහුණ..උෆ්..දවසෙදි..ඇයි..ස්ස්..මගෙන්..ඒ..ගැන ඇහුවෙ..හික්..?"මම අහද්දි අර පුරුදු සැහැල්ලු හිනාව එයාගෙ මූණට වැටුණා..
එයා මගෙ මූණට වැටිලා තිබ්බ පොඩි කෙහෙරැල්ලක් කන පිටිපස්සෙ රඳවලා මගෙ කම්මුල් පිරිමදින්න ගත්තා..
"මෝඩි..මම එදා එහෙම කතා නොකළා නම්..ඔයා කවදාවත් මාත් එක්ක කතා කරන්නෙ නෑ..ඒ වගේම අපි අපේ වෙන්නෙත් නෑ නේද..??"යුන්ගි ඇහුවෙ පැහැදිලි හඬින්..
"ඔ..ඔයා..කැමති නැද්ද ම-මගෙ උෆ්..tourette එක..නැතිවුණා..නම්..හික්.?"
"ම්ම්..නෑ..මොකද මම ඔයාටත් කලින් ආදරේ කළේ ඔයාගෙ tourette එකට..ඒ නිසා මම කැමති ඔයා මේ ඉන්න විදිහටයි.ඒ ගැන පොඩ්ඩක්වත් සැකයක් හිතේ තියාගන්න එපා..අරස්සෝ.."යුන්ගි එහෙම කියලා මගෙ නළලට එයාගෙ නළල හේත්තු කරගත්තා..
මට ඉබේම හිනාගියා..
"මොකද හිනාවෙන්නෙ??"යුන්ගි ඇහුවා..
"කවුරුත් හික්...දන්නෙ නැතුව ඇති..වුෆ්..ලෝක ප්‍රසිද්ධ..BTS suga..මෙච්චර..උෆ්..රොමෑන්ටික්..කියලා.."මම හිනාවෙද්දි යුන්ගි මගෙ කම්මුලක් මිරිකුවා..
"කවුරුත් දන්නෙ නැතුව ඇති සුගාගෙ වයිෆ් මෙච්චර ලස්සන ඇති කියලා..මෙච්චර හිත හයිය දක්ෂ කෙල්ලෙක් කියලා.."
යුන්ගි කියද්දි මම එයාගෙ උරහිස උඩින් නළල තියාගත්තා..
මට මතක් වුණේ දවසක් යුන්ගි මට කියපු දෙයක්..
"ඔයාගෙ කටහඬ හරි ලස්සනයි.."
මම මගේ අසම්පූර්ණ කටහඬ ගැන පළවෙනිම පාරට සතුටු වුණේ එදා..
යුන්ගි මට ආදරේ කළා..ඒත් ඊටත් කලින් මගෙ අඩුපාඩුවලට ආදරේ කරන්න ගත්තා..ඒ නිසාම වෙන්න ඇති අපිට එකිනකාව හොඳින් තේරුම් ගන්න පුළුවන් වුණේ..
"රහසක් කියන්නද?"යුන්ගි මගෙ කන්පෙති වලට ළං වෙලා ඇහුවා..
"හ්ම්ම්.."
"සරන්ගේ.."යුන්ගි කිව්වෙ හිනාවෙලා..
මමත් ඇඟිලි තුඩු වලින් ඉස්සිලා එයාගෙ කන්පෙති වලට ළං වුණා..
"නාදු..සරන්ගේ..යුන්ගි.."මං වචන බර කරලා කිව්වා..
යුන්ගි මාව තුරුළු කරගත්තා..
ඒ වතාවෙදි..ඒ හදවත මං වෙනුවෙන් ගැහෙන විදිහ මට ඇහුණා..
මම යුන්ගිගෙ සුවඳ තැවරුණ උරහිස මූණ හංගගෙන මොහොතකට ඇස් වහගත්තෙ ඒ සුවය විඳගෙන..
---The End ---
YOU ARE READING
Love Syndrome | Yoongi Centric | Completed
Fanfiction"ඔයාගෙ කටහඬ හරි ලස්සනයි.."එයා කිව්වා.. ජීවිතේ පළවෙනිම පාරට.. මම මගේ අසම්පූර්ණ කටහඬ ගැන සතුටු වුණා.. ~Based on Tourette Syndrome ~Pure fictional Min Yoongi Fanfiction