01

450 61 19
                                    

MAU කියවලා තියෙන මේක කියවන අයකතාව සම්පුර්ණයෙන්ම අමතක කරලා මේක කියවන්න ගන්න.නැත්නම් දෙක පැටලෙයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මිසරයේ ප්‍රධාන ගුරුකුලය වූ ඕමාර් ගුරුකුලය වෙත නවක සිසුන් පැමිණෙන ආකාරය යුන්ගි ඈත සිට බලා සිටින්නට විය.ක්ලියෝපැට්ට්‍රා රැජිනිය ජුලියට් සීසර් රෝම අධිරාජ්‍යයා සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව රෝමයේ සිට කලාකටයුතු ආදිය ඉගැන්ම පිණිස ග්‍රීසියේ සිසුහු මිසර ගුරුකුලය වෙත පැමිණෙති.

යුන්ගි තම පිට අතගා බැලීය.ඔහුට එහි තිබී හැළුණු පිහාටුවක් හමුවුණි.ඔහු එය හිරු එලිය වෙත අල්ලා බැලීය.පිහාටුව රන් පැහැයෙන් දීප්තිමත්ව බැබළුණේය.ඔහු එය ගොඩනැගිල්ලෙන් පහතට හෙලීය.

යුන්ගි වනාහී එක් අර්ධ දෙවියෙකි.ආකාශයට අධිපති හෝරස් දෙවියන්ගේ පරපුරෙන් පැවත එන ඔහුට සිය පියා මෙන් රාජාලි හිසක් නැති වූවත් රත්‍රන් පැහැති පියාපත් සඟලක් හා හිරු මෙන් බබළන රන් පැහැති නේත්‍රා සඟලක් හිමිව තිබුණි.

දෙවිවරුන් මෙන් අමරණීය ජීවිත ගත කිරීමට අර්ධ දෙවියන්ට නොහැකි වූවත් ජීවිතාන්තය දක්වා කිසිඳු ලෙඩ රෝගයක් හෝ අනතුරක් නොවී ජීවත් වීමටත් විශේෂ සුවකිරීමේ ශක්තියකුත් හෝරස් දෙවොලේ නේවාසිකව සියළු සැප පහසුකම් මධ්‍යයේ ජීවත් වීමටත් මිසරයේ සෑම තැනකටම අවසරයකින් තොරව යාමටත් අර්ධ දෙවියන්ට ඉඩ සැලසී තිබුණි.

යුන්ගි ගොඩනැගිල්ල මතින් කකුල් පහළට දමා සොලවමින් පහළ බැලීය.වරායේ සිට මෙගොඩට ඇදෙන ශ්වේත වර්ණ ග්‍රීක* කබා ඇඳගත් සිසුන් පෙළ තවමත් අවසන් නැත.ඔහු තම නළල් තලයේ සිට ගලාහැලෙන දහඩිය බිඳුව පිසදා දැමීය.නමුත් එක්වරම ඔහුගේ දෙනෙතට හසුවූයේ තම උරෙහි හියවුරක් හා දුන්නක් එල්ලා ගත් තරුණයෙකුවය.

අන් පිරිසගෙන් තනි වී හුදකලාව සිටින ඔහුව යුන්ගිට වඩාත් කැපී පෙනුණි.ලා රෝස පැහැයට හුරු එක් උරයකින් එල්ලා වැටෙන ග්‍රීක කබායත් ඔහුගේ සමත් වෙන් කර හඳුනා ගැනීමට පවා ඔහුට නොහැකි විය.කාන්තාරයේ වැල්ල මේ වන විට ගිනියම් වී තිබූ හෙයින් පාවහන් නොපැළඳ සිටි එම තරුණයාගේ දෙපයට එය දැරිය හැකි යැයි යුන්ගිට නොසිතුණි.

ඔහු එක්වරම වෙනතක් බලාගත්තේ අර්ධ දෙවිවරු මනුෂ්‍යයින් සමඟ සබඳතා පැවැත්වීම හෝ කතාබහ කිරීම හෝ ඔවුනට අනුකම්පා කිරීම සාමාන්‍යෙන් නොකළ බැවිනි.ඔවුහු උපන් මානයෙන් යුතු පිරිසක් විය.යුන්ගි ගුරුකුලයේ වහලයෙන් බිමට පියඹා විත් ගුරුකුලය ඇතුළට වැදුණි.

A/N : හෝරස් : හෝරස් කියන්නේ පුරාතන ඊජිප්තු ඉතිහාසයේ සදහන් වෙන ප්‍රධානම දෙවිකෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/N : හෝරස් : හෝරස් කියන්නේ පුරාතන ඊජිප්තු ඉතිහාසයේ සදහන් වෙන ප්‍රධානම දෙවිකෙනෙක්. ” හෝරස්” කියන වචනේ ඇත්තටම ග්‍රීක වචනයක් . ” මනුෂ්‍යාට උසස් ” යන වගේ අදහසක් තමයි තමයි එහි ගැබ්වෙන්නේ. දිව්‍යමය උකුස්සෙක් විදිහට තමයි හෝරස්ව පුරාතණ ඊජිප්තුවේ වන්දනාමාන කර තිබෙන්නේ. අහසට සහ යුද්ධයට අධිපති වූ හෝරස්ගේ භාර්‍යාව වුනේ හැතොර් නම් වූ දෙවගන.

 අහසට සහ යුද්ධයට අධිපති වූ හෝරස්ගේ භාර්‍යාව වුනේ හැතොර් නම් වූ දෙවගන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*ග්‍රීක කබා : cover එක බලන්න.

PÈTALA [Completed]Where stories live. Discover now