යුන්ගිගේ කලවා මත ජිමින් තම හිස තබා සිටියේය.
යුන්ගිගේ සිරුරින් පිටවූ දහඩිය හා කඳුළු මිශ්‍ර වී ගලායන්නට විය.ජිමින්ට දහඩිය නොදැමුවේ ඔහුව යුන්ගි තමන්ගේ විසල් පියාපත් වලින් ආවරණය කර සිටි බැව්ණි.
ක්‍රීඩාංගණය වටා සිටි සියල්ලන්ම මේ දෙපළ දෙස බලා සිටින්නට විය.
"ඇයි...ඔබ පැමිණියේ?"
ජිමින් අපහසුවෙන් තමා දෙස බලා සිටින යුන්ගි දෙස බලා පැවසීය.
"ඔබ මෙසේ අපහසුවෙන් සිටීම මට බලා සිටීමටද පවසන්නේ?"
යුන්ගි ජිමින්ගෙන් ඇසීය.
නමුත් එක්වරම ජිමින් වේදනාවෙන් කහින්නට පටන් ගත්තේය.
ජිමින්ගේ මුවින් පිටවී ආ නිල් පැහැති මානෙල් මල්පෙති ඔහුගේ පපුව පුරා විසිරිණි.
ග්‍රීක අර්ධ දෙවිවරුන් හට තම පරපුරට අයත් නොවන පිරිස සමඟ පෙමින් බැඳම තහනම් විය.එසේම අප්‍රකාශිතව පෙම් කරන්නන් හට දරුණු කැස්සකින් පීඩා විඳ මියයෑමට සිදුවුණි.
යුන්ගි ජිමින්ගේ දෑසින් ගලන කඳුළු තමාගේ අත්ලෙන් පිස දැමීය.ඔහු එම නිල් මහනෙල් පෙති තමාගේ අතට ගත්තේය.ඒවාගේ තැන් තැන්හී තද රක්ත වර්ණයෙන් රුධිරය තැවරී තිබෙනු ඔහු දිටීය.
"මේ මල්පෙති කවුරු වෙනුවෙන් ද?"
යුන්ගි වෙව්ලන කටහඬින් ඇසීය.
"කිව්වොත්..... මා.....මා..... හට මිය යෑමට සිදුවෙයි.මාගේ බ...බළල් පැටියා විසිකර දැමීමට සැරසුනාක් මෙන් මාවත් විසිකර මරාදමාවි ඔබ"
ජිමින් බිඳෙන ස්වරයෙන් පැවසීය.
යුන්ගිට තවත් මෙය දරාසිටිය නොහැකි විය.තමාගේ උඩඟු බව හා දැඩි බව නිසා තමාගේ ප්‍රේමය මෙන්ම තවත් අහිංසකයෙකුගේ දිවියක් අකාලයේ මිලින වී යන බව ඔහුට වැටහිණි.
"මට කියන්න.මියයන්නට දෙන්නේ නැහැ ඔබට"
යුන්ගි ජිමින්ව වැළඳ ගත්තේය.
නමුත් එක්වරම දෙපසින් පැමිණි සෙබළුන් දෙදෙනෙක් ඔවුන් දෙදෙනාව දෙපසට ඇද දැමීය.
"ශුද්ධ වූ අමන් රේ (ඊජිප්තු හිරු දෙවියන්) දෙවියන්ගේ දෙවොල ඉදිරිපිට අශීලාචාර ලෙස හැසිරුණු වරදට නුඹ දෙදෙනාව මහ රැජිණියගේ අණ කිරීම පරිදි අත් අඩංගුවට ගනු ලැබේ"
පක්ෂි පියාපත් පැළඳ පැම්ණි බටයන් දෙදෙනෙක් විසින් යුන්ගිගේ පියාපත් බැඳ දැමීය.ඔහු අසරණ ලෙස තමා ඉදිරියේ සෙබලුන් දෙදෙනෙකු විසින් ඇදගෙන යන ජිමින් අඩපණ වූ ජීමින් දෙස බලා සිටින්නට විය.
YOU ARE READING
PÈTALA [Completed]
Fanfictionයුන්ගි ගොඩනැගිල්ල මතින් කකුල් පහළට දමා සොලවමින් පහළ බැලීය.වරායේ සිට මෙගොඩට ඇදෙන ශ්වේත වර්ණ ග්‍රීක කබා ඇඳගත් සිසුන් පෙළ තවමත් අවසන් නැත.ඔහු තම නළල් තලයේ සිට ගලාහැලෙන දහඩිය බිඳුව පිසදා දැමීය.නමුත් එක්වරම ඔහුගේ දෙනෙතට හසුවූයේ තම උරෙහි හියවුරක් හා දුන්න...