07

182 60 10
                                    

ග්‍රීසියෙන් ඊජිප්‍තුවට පැමිණි පිරිසෙන් විශාල ප්‍රමාණයක් සාමාන්‍ය මිනිසුන් වූයේ නැත.

ඔවුන් ද වැඩි ප්‍රමාණයක් අර්ධ දෙවියෝ වූහ.ග්‍රීක ප්‍රධාන දේව මඬුල්ලේ සිටින දෙවියන් වන සියුස්,පොසෙයිඩන්,හේඩීස්,හේරා,ඇතීනා,ඩිමීටර්,හෙෆාස්ටස්,ඇප්‍රොඩයිට්,ඒරීස්,ඇපලෝ,ආටෙමිස් හා හර්මීස් හැරුණු කොට අනු දෙවියන්ගේ දරුවන් පවා ශිල්ප ඉගෙනීමට ගුරුකුලය වෙත පැමිණියහ.

එසේම ජිමින් ද සාමාන්‍ය දරුවෙක් වූයේ නැත.

ඔහු පුෂ්පයන්ට හා ඍතු භේදයට අධිපති ක්ලෝරිස් නම් අනු දෙවඟනගේ පුත්‍රයෙක් වූයේය.

ඔහුද යුන්ගි මෙන් භාගයක් දේව හා භාගයක් මනුෂ්‍ය අර්ධ දෙවියෙකි.

මලක් මෙන් සියුමැලි සමක් ඇති ඔහුට උපතින්ම හිමිව තිබූ හැකියාවන් වූයේ සොබාදහම පාලනය කිරීම හා කාලගුණය වෙනස් කිරීමයි.

මල් පෙත්තක් වන් සිනිඳු සිරුරක් හා එයටම ගැලපෙන ලාලිත්‍යක් ඔහුට හිමිව තිබුණේ ඔහුගේ මෙම උරුමයන් නිසාය.

ඔහු ශරීර ශක්තියෙන් අඩු වූවා සේම බොහෝ සුමට ඔහුගේ සිරුර පහසුවෙන්ම විජලනයට ලක් විය.

යුන්ගිට මෙම පුවත කට කොනින් අසන්නට ලැබුණත් ඔහු ඒ පිළිබඳ සැලකිලිමත් වීමට ගියේ නැත.

ඔහු ජිමින්ව දුර්වලයෙක් ලෙස සිතා සිටි අතර තමා ශක්තිවන්තයෙකු ලෙස සලකා ඔහුව තමාගෙන් ඈත් කරදැමීමට ඔහුට අවශ්‍ය විය.

නමුත් සැබෑවටම සිදු වූයේ ඔහු තමාවම ජිමින් වෙත ළං කරවීමය.

පෙර කීවා සේ ප්‍රායෝගිකව ඔහුට එය ක්‍රියාවට නැංවීමට හැකිවූයේ නැත.

මන්ද තමාද ජිමින්ට ආලයෙන් බැඳී පවතින බව ඔහුට අවබෝධ වී තිබීවයි.

නමුත් ඔහුට එය පවසන්න අවශ්‍යව තිබූ නමුදු හැකියාවක් තිබුණේ නැත.නැත.කිසි දිනෙක කිසිඳු අයුරකින් පීඩාවක් හමු නොවූ ඔහුගේ ජීවිතයට මෙය බරින් වැඩි විය.

යුන්ගිගේ දෑසින් කඳුළු පතිත වන්නට විය.

මිසරයේ අහසද ඒ සමඟම ගුරුරන්නට පටන් ගත්තේය.

දම් පැහැති වළා මිසරයේ අහස වසා ඇදී යන්නට වූ අතර සොහොන් ගැබ්,දේවාල භූමි සෝදා දමමින් මහා වර්ෂාවක් එක්වරම කඩා හැලිණි.

වසර ගණනාවකට පසු හෝරස්ගේ කඳුළින් මිසරය තෙමී යන්නට පටන් ගත්තේ එක් ග්‍රීක අර්ධ දෙවියෙකු හේතුවෙන් බව යුන්ගි හැරෙන්නට කිසිවෙකුත් දැන සිටියේ නැත.

වසර ගණනාවකට පසු හෝරස්ගේ කඳුළින් මිසරය තෙමී යන්නට පටන් ගත්තේ එක් ග්‍රීක අර්ධ දෙවියෙකු හේතුවෙන් බව යුන්ගි හැරෙන්නට කිසිවෙකුත් දැන සිටියේ නැත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/N : අර්ධ දෙවිවරු දෙන්නෙක්🥺❤️

PÈTALA [Completed]Where stories live. Discover now