04

191 61 11
                                    

තම නග්න සිරුර සෙමින් ජල තටාකයේ ගිලී යද්දී ඔහුට දැනුණේ මඳ සුවපහසුවකි.නමුත් තම හිස මත පැටවී ඇති බර ක්‍රමයෙන් හෝ ලිහිල් වන ආකාරයක් ඔහුට දැනුණේ නැත.නිතරම ඡායාවක් මෙන් තම මනසේ ඇඳී සෙවනැල්ලක් මෙන් නොපෙනී යන එම සිත්තම නිසා ඔහු සිටියේ පීඩාවෙනි.නමුත් එය කිසිදිනෙක ඔහු පිටතට පෙන්වීමට ගියේ නැත.තමන්ගේ උපන් ප්‍රෞඪත්වය රැක ගැනීමට ඔහු නිතරම උත්සාහ කළේය.

තව දින දෙකකින් පැවැත්වීමට නියමිත දුණු විදීමේ තරඟය පිළිබඳ ඔහු සිතන්නට විය.තමා දුණු ශිල්පයේ නිපුණයෙක් වුවද තමාට එම තරඟයට ඉදිරිපත් වීමට නොහැකි බව ඔහු දැන සිටියේය.ඒ ඔහුගේ අසාමාන්‍ය දෘශ්ටිය හා උපතින් හිමිවූ හැකියවන් නිසාවෙනි.ඔහු ඒ පිළිබඳ සිටියේ මඳ කනස්සල්ලෙනි.

ඔහු තටාකයෙන් ගොඩට විත් තම තමන්ගේ හිණ වටා කපු රෙදි කඩක් දවටා තවත් රෙදි කඩකින් තම පියාපත් පිසදමන්නට වූයේය.

නමුත් එක්වරම ස්නානාගාරයට කඩා වැදුණු පුද්ගලයෙක් නිසා ඔහුගේ අවධානය බිඳිණි.

එහි පැමිණ සිටියේ ජිමින්ය.

ඔහු වෙහෙසට පත්ව හති හලමින් සිටි අතර ඔහුගේ සිරුරම සුදුමැලිවී තිබිණි.

ජිමින් අසල ඇති බිත්තියට වාරු වී සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන්නට විය.

ඔහු තවමත් විමතියට පත්ව තමා දෙස බලාසිටින යුන්ගිව නොදුටුවේය.

ජිමින් තම ලෝගුව ලිහමින් අවසිහියෙන් මෙන් ජල තටාකය දෙසට වේගයෙන් දිවයන්නට විය.

ඔහුගේ රෝස පැහැති සම හා වැඩුණු සිරුරේ සෑම අංගයක්ම යුන්ගිගේ දෑසට හසුවීමත් සමඟම යුන්ගිට තම හැඟීම් පිබිදීගෙන එන බවක් දැනුණි.ජිමින් තම ශරීරයේ ඉතිරිව තිබූ අවසාන රෙදිකඩ ද ගලවා දැමීමට පෙර පිටත බලාගත් යුන්ගි වේගයෙන් එයින් පිටතට ගියේය.

අවසානයේ ඔහුට ඇසුනේ ජිමින්ගේ සිරුර නාන තටාකයට පතිත වන මහා ඝෝෂාව පමණි.

අවසානයේ ඔහුට ඇසුනේ ජිමින්ගේ සිරුර නාන තටාකයට පතිත වන මහා ඝෝෂාව පමණි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
PÈTALA [Completed]Donde viven las historias. Descúbrelo ahora