ජිමින් ක්‍රීඩාංගණය මැද වැටී සිටියේය.
ඔහුගේ දෙපා හිරු එළියට වියළී ගොස් අඩපණව රතු වී තිබුණි.
ඔහු වේදනාවෙන් කෙඳිරි ගාන්නට විය.
දිගු වේලාවක් විවේකයකින් තොරව පුහුණුවීමේ යෙදුණු හෙයින් ඔහුට ජලය බිඳක් හෝ පානය කිරීමට නොහැකි වූ අතර ඔහුගේ සියුමැලි සමට එය දරාගත නොහැකි වූයේය.
අවසන එහි ප්‍රථිපලය වූයේ ඔහුගේ දෙපා හා සිරුර වියලී විජලනයට පත් වීමයි.
සෑමදිනකම තමාගේ අවධානයට ආචාර්යතුමා නැඟූ දොස්මුරය ඔහුගේ මෙම ක්‍රියාවට හේතු විය.නමුත් ඔහුට ඔහුගේ අවධානය එක්තැනක තබාගැනීමට නොහැකි වූ හේතුව ඔහුගේ මනසේ සක්මන් කරන රන්වන් දෑස බව ඔහු නොදැන සිටියේය.
නිරතුරුවම එය තමාගේ මනසට වද දුන් බවත් එය එය හැඳින්වෙන්නේ කුමන නමකින්ද යන්නත් ඔහු දැන සිටියේය.
එය,
ප්‍රේමය නම් විය.
නමුත් ජිමින්ට එය යුන්ගිට පැවසීමට තරම් ධෛර්යයක් ද අයිතියක් ද නොවීය.
සඟවාගත් රහසක් මධ්‍යයේම තමාගේ ප්‍රේමයද සඟවා වළදැමීමට ඔහුට සිදුවිය.නමුත් එය සිතින් සිතිය හැකි නමුත් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට නොහැකි බැව් ඔහුට වැටහී අවසන්ය.
එක්වරම ජිමින්ගේ පිටුපස විශාල සෙවනැල්ලකින් ආවරණය විය.ඔහුට විශාල සහනයක් මෙන්ම සෙවනක්ද දැනුණි.නමුත් ඔහුට පිටුපස හැරී බැලීමට තරම් ශක්තියක් නොවීය.
එක්වරම ඔහුව ශක්තිමත් දෑතක් විසින් ඔසවා ගත්තේය.ජිමින්ගේ දෑස් පියවී ගිය අතර ඔහුට කිසිවක් දැකගැනීමට හැකිවූයේ නැත.ඔහු සෙමින් සෙමින් ජිමින්ව රැගෙන නාන තටාකය අසලට පැමිණ ඔහුව එතනින් තබා කිසිවක් නොකියා යන්නට හැරිණි.
නමුත් ඔහුගේ අඩි ශබ්දය එක්වරම නෑසී යනු ජිමින්ට ඇසිණි.
"පෙනි පෙනී තමුන්ව වේලෙන්න දාලා යන්න බැරි නිසා මිසක් තමුසෙව බේරගන්න මට උවමනාවක් නෑ"
ඔහු එසේ පවසා නැවතත් යන්නට හැරිණි.
ජිමින්ට එය ඇසිණි.ඔහුගේ හඬ නෑසී යත්ම යටපත් වී තිබූ ඔහුගේ වේදනාව යළිත් පෑරෙන්නට විය.ඒ හඬ යුන්ගිගේ වග ඔහුට වැටහිණි.
ඔහුට දෑස් හැර බැලීමටකිසිඳු අවශ්‍යතාවයක් නොවීය.මන්ද තමා දෑස් හැරියද නොහැරියද ඔහු පිළිබඳ තිබූ සියළු බලාපොරොත්තු තමාගේ මනසින් සුන් වී යාමට පටන් ගත් හෙයිණි.
YOU ARE READING
PÈTALA [Completed]
Fanfictionයුන්ගි ගොඩනැගිල්ල මතින් කකුල් පහළට දමා සොලවමින් පහළ බැලීය.වරායේ සිට මෙගොඩට ඇදෙන ශ්වේත වර්ණ ග්රීක කබා ඇඳගත් සිසුන් පෙළ තවමත් අවසන් නැත.ඔහු තම නළල් තලයේ සිට ගලාහැලෙන දහඩිය බිඳුව පිසදා දැමීය.නමුත් එක්වරම ඔහුගේ දෙනෙතට හසුවූයේ තම උරෙහි හියවුරක් හා දුන්න...