ඊජියන් මුහුදෙන් හමා එන ලුණු මිශ්‍රිත සුළඟේ පහස විඳිමින් සිතුවමක් අඳිමින් සිටින තරුණයෙකි.නිතරම මුහුණට වැටෙන තඹ පැහැති කෙහෙරැල්ල ඔහු පිටුපසට කරලීමට උත්සාහ කළේය.
ඔහු තම දකුණු අතින් අසුරක් ගැසීය.ඒත් සමඟම ඔහුගේ අත්ලට හසුව ආවේ නිල් මානෙල් කුසුමකි.ඔහු එය තම මේසය මතින් තැබීය.
"කුමක්ද නුඹ අඳිමින් සිටින්නේ"
එම තරුණයා වෙතට ඇව්ද ආ තවත් අයෙක් ඇසීය.වෙරලේ වැල්ල වළලුකර තෙක් එරී යන බැවින් ඔහු එහි පැමිණියේ අපහසුවෙනි.
ඔහු එම චිත්‍රයට එබී බැලීය.
"මේ ම..මම ද?"
ඔහු තම රන් පැහැයෙන් බබළන දෙනෙත් විසල් කරමින් අනෙක් තරුණයාගෙන් ඇසීය.
"ඇයි?පෙනෙන්නේ නැද්ද ඔබට"
ඔහු තම දෙතොල් උල් කරගනිමින් අනෙක් තරුණයාට පැවසීය.
ඔහු සිනාසී පැමිණ තම පෙම්වතාගේ උරහිසට තම හිස බර කර ගත්තේය.
සුවකිරීමේ ශක්තිය සහිත යුන්ගිගේ කඳුළුවලින් ජිමින් නැවත ජීවය ලැබීය.නමුදු යුන්ගි කළ ශාපයට හා විනය කඩකිරීම හේතුවෙන් ඔහුව හා ජිමින්ව ඊජියන් මුහුදේ කුඩා හුදකලා දූපතක් වූ ඩෙලෝස් වෙත පිටුවහල් කර සදහටම එහි සිරකර දැමීය.
ශ්වේත වර්ණ කැලිකෝ බළලෙක් පැමිණ නැවතත් ජිමින්ගේ සිරුරේ වෙලෙන්නට පටන් ගත්තේය.
"ආහ්..මෙන්න මෙයා ඇවිත්"
ජිමින් ඌව ඔසවා තම උකුළට ගත්තේය.
"මොහු ඔබ වගේමයි"
ජිමින් තම දෑස් කුඩාකර සිනාසෙමින් යුන්ගි දෙස බැලීය.
YOU ARE READING
PÈTALA [Completed]
Fanfictionයුන්ගි ගොඩනැගිල්ල මතින් කකුල් පහළට දමා සොලවමින් පහළ බැලීය.වරායේ සිට මෙගොඩට ඇදෙන ශ්වේත වර්ණ ග්රීක කබා ඇඳගත් සිසුන් පෙළ තවමත් අවසන් නැත.ඔහු තම නළල් තලයේ සිට ගලාහැලෙන දහඩිය බිඳුව පිසදා දැමීය.නමුත් එක්වරම ඔහුගේ දෙනෙතට හසුවූයේ තම උරෙහි හියවුරක් හා දුන්න...