ep 112

854 115 9
                                    

Ep 112
""ඔයිට වඩා පොඩි කරපන් යකෝ...""

""යගුලියක් වගේ විශාල උනාම මැද්දෙ බැදෙන්නේ නෑ ඕයී""

""මේ මගේ අත ලොකුවට තියෙනවා....ලෝබකමට ගුලිකරලා පුරුද්දක් නෑ..."

"ඇද උඩදි මගේ බෝලේ මිරිකන විදියට ඕක මිරිකන්න එපා අතේ තියලා මෙහෙම හොලවපන් ලස්ස්නට රවුම් වෙන්න"

"අතේ තියලා හොල්ලන එකනම් හොදට කරනවා ...නෝටියා"

"හ්හා....කෑ ගහන්න එපා අම්මාලා දෙන්න දුවත් එක්ක එනවා"....මමයි සූකිරි කට්ලට් හදන්න බෝල ගහ ගහ හිටියේ දෙනෙට...අපි දෙන්නේ පොඩිම පොඩි දානයක්..හාමුදුරුවො හත් නමයි....දෝනී අම්මලදෙනයි..මමයි සූකිරී ගිහාන් උදේශ් ජෝඩුවයි එයාලගේ දූ පොඩ්ඩයි...ආයයි සිකියුරිටි අන්කලුයි විතරයි

"දරුවෝ...මොකද්ද අනේ හත් නමයි ඉන්නේ පහස් නමයකට විතර බඩු ගෙනල්ලනේ....මාව එක්ක ගියානම් මේ වගේ ...බොරු නාස්ති කරන්න  දෙන්නෙ නෑ....කිසි අර පිරිමැස්මක් නෑ"

"එහෙම කියන්න එපා....දරුවො හිතේ කැමැත්තෙන්නේ දෙන්නේ...දන් දෙනකොට ...අඩු වැඩි බලන්න හිද නෑ..හිතේ හැටියට දෙන්න එපැයි"

""ඕන් කට ඇරියා විශාකා මහ උපාසිකාවගේ ආත්තා...මම කියන්නේ ගොඩ ගොඩවල් ගෙනත් විසිකරන එක අපරදයක් නිසයි...මුනට මේවයේ තේරුමක් නෑ"" අපේ අම්මා පොර කිකිලියෙක් වගේ හොටයි කොරපොතුයි උල්කරනවා ලොකු වලියකට

"අනේ අම්මේ අපි ගෙනාව වැඩී තමයි...ඉතුරු උනොත් අපි පාර්සල් හදලා දුප්පත් මිනිස්සු ටිකකට දෙමු" කාලෙකින් අම්මලා දෙන්නම අපේ ගෙදර ආවේ...ඒ දෙන්න ඉන්නකොට කොහොමත් වලි තමයි...ඒත් ඒවා සොදුරු වලි ...ඒවා නැත්තන් මේ ගෙදර හරි පාලුයි....අම්මලා දෙන්නගේ බනින කටහඩ හරි කමක් නෑ නොකම්ම පාලු ගෙදරට වැඩිය

"අනේ උබේ අලිගුත්තේරු වැඩ නිසා තමයි...මේ කොල්ලා අගමැති කමත් විසිකරේ...අපරාදේ තව අවුරුදු දෙක තුනක් සූරියගහ මන්දිරේට වෙලා සැප විදින්න තිබුනා....අනික ඊලග පාරත් ඉදිරිපත් උනානම් දිනනවා...මටත් ගමෙන් කීයක් හරි හොයාගන්න තිබුනා...කීප දෙනෙක්ට රස්සවල් හොයලා දීලා "

අම්මා කියපු කතාව ඇත්ත නිසා මම ගලේ පහරපු බලලා වගේ උඩ බලන් හිටියා

HatharawaramWhere stories live. Discover now