02 . New Member

36 15 7
                                    

___________________________

Chapter 02

_________________

A DOG IS THE ONE THING ON EARTH THAT LOVES YOU MORE THAN HE LOVES HIMSELF

☆☆☆☆☆☆☆


" මොකක්ද ඔන්නී surprise එක "

" පස්සේ කියන්නන් "

Next day Morning ♡

" ඔන්නී කෙහෙද මේ උදේම යන්නේ .. "

" ආහ් මන් යනවා පොඩි වැඩකට .. කෑම ලෑස්ති කරලා ඇත්තේ තුන් දෙනා එක්කම කන්න "

ජිසූ උදෙන්ම නැගිටලා අනිත් අයව ඇහරවන්නේ නැතුව යන්න ලෑස්ති උනේ හොර ගමනක් .. ඒ උනාට ලීසට සද්දේ ඇහුන නිසයි එයා ඇදේ ඉදන්ම නිදිමර ගතේ ඇහුවේ ..

එතනින් එහාට මුකුත් අහන්නේ නැතුව ජිසූ ගේ උතරෙන් සෑහිමක පත් උනු ලීසා ..... ආපහු තමන්ගේ කොට්ටේ කියලා හිතාගෙන රෝස් ව බදාගෙන නිදා ගත්තා

උදේ 10 යට විතර කට්ටියම නැගිටලා උදේ කෑමත් අරන් ඊළඟට රිලීස් කරන්න ඉන්න සින්දුව ගැන කතා කරන්න ගත්තා ..

එක පාරටම දොර ඇරෙන සද්දයක් ඇහුන නිසා ජිසූව බලාපොරොත්තුවෙන් තුන්දෙනාම දොර දිහා බැලුවත් ඇතුලටනන් ආවේ ජිසූ නෙමේ ..

" අනේ බලන්නකෝ කවුද මේ කියලා .. කෝ එන්න බලන්න .. "

ජෙනී ඇතුලට ආපු අමුත්තාව වඩා ගන්න ගමන් කිව්වා ..

" ඕඕඕඕඕ එයා cuteeee අනේ සුදුපාටට හිම බෝලයක් වගේ .. "

ලීස ජෙනී ගෙ අතේ ඉන්න බලු පැටියව හුරතල් කරන ගමන් කිව්වා ..

" මෙයා කොහොමද ඇතුලට ආවේ .. "

රෝස් ගේ ප්‍රශ්නෙත් එක්කම කට්ටියම බැලුවේ දොර දිහා ..

" Surpriseeeeeee..... "
ජිසූ අත් දෙකත් දෙපැත්තට විහදගෙන තුන්දෙනාම හුරතල් කර කර ඉන්න චූටි අමුත්තා ලගට ආවා ..

" ඕඕඕඕඕඕ ... "

ලීසා කට්ටියම එක්ක ෆැමිලි හග් එකක් දුන්නේ අලුතින් එකතු උන සාමාජිකයවත් සාදරෙන් පිළිගන්නවා කියන්න වගේ ..

" උන්නී එයාට නමක් තියනවද ... එයාගේ නම මොකක්ද .. "

" එයා මොනාද දන්නේ කන්න කැමති "

" අපි එයාට කිරි ටිකක් දීලා බලමුද "

" ඕන්නෑ එයා පොඩී කිව්වට පොඩිමත් නෑනේ "

" කමක්නෑ දීලා බලමු "

කට්ටියම එ වගේ බලු පැටියත් එක්ක කාර්යබහුල වෙද්දී ජිසූ මේ තුන්දෙනා දිහා බලලා හිනා වෙලා ආපහු ගිහින් එයාලා එක්කම එකතු උනා

_________________________________________♡

@korea

"කර් කර් ර් ර් ර් ර් ර් "

උදේ පාන්දරම ඒ ඇහුනේ කොකෝගේ බඩ කෑ ගහන සද්දේ .. කලින් දවසේ උදේ හම්බුන පරන වෙච්ච මස් කෑල්ල කෑවට පස්සේ මේ වෙනක්න්ම මුකුත් කන්න හම්බුනේ නැති නිසා කොකෝ ඉදියේ ගොඩක් බඩගින්නේ ...

" බඩගිනී .. කොහෙන්ද කෑම හොයාගන්නේ .. බේකරිය පැත්තට ගියොත් නන් උණු වතුර පාරක් තමා .. පාර්ක් එකට ගියොත් එතන පොල්ලක් උස්සන් ඉන්න මනුස්සයගෙ න් කකුල් පාරක් .. මොකද කරන්නේ ... කමක් නෑ ඕන දෙයක් වෙද්දෙන් බේකරියටම යනවා .. "

කොකෝ බේකරිය පැත්තට යන්න ගත්තේ ඒකේ ඉතුරු වෙච්ච පරන් පාන් දාන කුණු බාල්දියෙන් මොනා හරි කන්න හොයා ගන්න ..

ඒ උනාට බේකරියේ මනුස්සයනන් මේකට කැමති උනේ නෑ .. මොකද උදේ පාන්දරම කුණු බාල්දියක් කඩේ ළඟ පෙරලිලා තියනවට කැමති නෑනේ ..

එහෙමයි කියලා කොකෝට කන්න මුකුත් දෙන්නත් ඒ මනුස්සයා ඉදිපත් නොවුනේ කොකෝ ඒකට පුරුදු උනාට පස්සේ බේකරියට එන පාරිභෝගිකයන්ට ත් කරදර කරයි කියලා බය උන නිසා ...

කොකෝ සද්ද නොකර හිමින් සීරුවට කුනුබාල්දිය පෙරල ගෙන පරණ වෙච්ච බනිස් ගෙඩිය කටට අරගෙන හිමීට මාරු වෙන්න හැදන කොටම

" ඒයි ඔහොම නවතිනවා කරදර කාර බලු නකුට්ටා .. අදත් ආවද .. අද මම .. "

" ඉවරයි "

කොකෝ කටට ගත්ත බනිස් ගෙඩියත් එතනම දාලා දුවන්න ගත්තේ පන බේර ගන්න..
ඒ උනාට කොකෝ ඒ තිරිසන් මනුස්සයගේ උණු වතුර පාරට ලාවට අහු උනා ..

කොකෝට ඒ වෙදනාව ට කෑ ගැහුනා ..

තමන් රාත්‍රිය ගත කරපු තැනටම දුවන් ආපු කොකෝ කෙඳිරි ගාන ගමන් ඇගම ලෙවකන්න පටන් ගත්තේ දැනුනු අසීමිත වේදනාවට ..

" කරන්න දෙයක් නෑ කොකෝ අදත් උදේට ඔයාට කෑම නෑ .. ටිකකින් පර්ක් එකට ගිහින් බලමු එතනින් වත් මොනා හරි හම්බෙයි .. "

කොකෝ තමන්ට ම කියාගන්න ගමන් ටිකක නිදා ගත්තේ දැනුන වේදනාවයි මහන්සියයි නිසා ..

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Please vote and comment

Thank you Blueberry

💙💙💙

HankWhere stories live. Discover now