____________________________Chapter 03
♡
______________________YOU CAN ALWAYS FIND HOPE IN A DOG'S EYES
☆☆☆☆☆☆
පාර්ක් එක පැත්තට ඇවිදගෙන ගිය කොකෝ එක එක ජාතියේ රස කෑම කන මිනිස්සු දිහා බලන් ඉදියේ හාමතේ .. මිනිස්සූ ගාවට ගිහින් එයලා කන දිහා බලන් ඉදියත් කොකෝට හම්බුනේ පා පහරව වගේ දේවල් විතරයි ..
ඒත් එක පුංචි පිරිමි ළමයෙක් තමන් කකා ඉදපු සොජේජස් කරලක් කොකෝ දිහාට විසික් කලේ කොකෝ ගැන දුක හිතිලා ..
" ජීවුන් පර්ක් එකේ තැන තැන ඔහොම කෑම දන එක හොද දෙයක් නෙමේ දරුවෝ .. ඒක dustbin එකට දාන්න තිබුනනේ .. "
" ඒත් ඔම්මා එයා බඩගින්නෙනේ .. "
" බඩගිනේ තමා security එකෙන් දැක්කනන් අපිට park එකෙනුත් යන්න තමා වෙන්නේ .. ආයි එහෙම ඔය වගේ වැඩ කරන්නෑ .. තේරුනාද .. "
" දේ ... "
ඇයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ .. කොකෝට එහෙම හිතුනත් ලද අවස්ථාවෙන් සොජේජ්ස් කරලත් අරන් පැන ගත්තේ ඒක ඒ ළමයා උදුරගනී වගේ බයකින්
කොච්චර හාමත් වෙලා ඉදියත් කොකෝට ඒ පුන්චි සොසේජස් කරලින් සෑහීමකට පත් වෙන්න උනේ මිනිස්සු කොච්චර නපුරුද කියන්න එක පුන්චි බලු පැටියට හොදටම තේරුන් කරලා දීලා ..
________________________________________♡
@Blackpink House
" අනේ ඔන්නී Dalgom නන හරිම ශෝයි .. එයා එක්ක ඉන්නකොට මහන්සිය කොහෙන් ගියාද දන්නෑ .. " ලීසයි ජෙනීයී Dalgom ව හුරත් කරන ගමන් කිව්වා ..
එයාලා ගොඩක් සතුටින් මේ බලු පැටියා නිසා .. ඒ දෙන්නගේ ඇස් සතුටින් දිලිසෙනවා ජිසූ බලන් ඉදියේ ගොඩක් සතුටෙන් ..
" ඉතින් ඔයාලත් ගෙන්න ඔයාල ලගින්ම තියාගන්න පුලුවන් හුරතලෙක් .. "
" මන් හෙටම ගේනවා " ජෙනී සතුටින් කෑ ගැහුවා ..
" මොකක්ද ගේන්නේ ඔන්නී " රෝස් මියුසික් රූම් එකේ ඉදන් එලියට එන ගමන් කිව්වා