🍃 || CHAPTER 1

429 68 7
                                    

" හේ......යූ...ඔහොම නවතින්න. "

මට යූව අල්ල ගන්න බැරි වෙද්දී එයා මගෙත් අතත් අත ඇරලා ඈතටම ගියා.. හරියට පාවෙලා වගේ.

" ඉන්න පොඩ්ඩක් මම එනකම්. "

මම කෑගහගෙන එයාගෙ පස්සෙන් දිවගෙන යද්දී යූ තවත් ඉස්සරහට දුවගෙන ගියා..

යූ දුවන කොට එයාගේ දුබුරු පාට සිනිදු කොන්ඩේ හුලගට ගහගෙන ගියා .

එයාව හුලගත් ඇවිත් ඇදගෙන යනවා වගේ.

ඇයි හැමෝම එයාව මගෙන් ඈතට අරන් යන්නේ...

" යූ....ඉන්න........ "

මම කෑගහගෙන යද්දී එයා කන්ද මුදුනටම ගිහින් ඉවරයි .

මම කතා කරත් නැවතුනේ නැතු යූ එතනට ගිහින් නැවතුනා. මගේ දිහා එක පාරක් හැරිලා බැලුවත් . එයා හිටියේ දුකින් වගේ.

ඔව් එයා අඩනවා.

යුනායා ගොඩක් උස තැන් වලට බයයි..

" ඉන්න් මම එනකම්....බය වෙන්න එපා යූ.... "

මම යූ ලගට යද්දී යූ එයාගේ ඇස් වලින් වැටෙන කදුලු පිහිදලා මගේ දිහා බැලුවා...

වෙනදා වගේම..

ඒ ලස්සනට ...

මම මොකුත් කියන්නේ නැතුව එයා දිහා බලන් හිටියා...

ඒත් එක්කම...

එයා එතනින් එහෙම්ම ගියා..

නැතිවෙලා...

හරියට

මීදුමක් වගේ....

_______________________________________

ආසවෙන් ලියන්න හිටපු අදහසක්.

ඒත් මොනවද මම මේ ලියලා තියෙන්නේ ?

🍃|| WITH YOU || 🍃

Fiction by

T-hyungkook ♡

WITH YOU 🍃  || JJK || [ completed ]Where stories live. Discover now