"හද ගැස්මක් දරණ එකම පිසාචයා, Dracas වංශයේ උරුමකරු මේ දින වල ඔහුගෙ වංශයේ අය සමග නොවේලු. පිටව ගොසින් මාස දෙකකට ආසන්න වුවත් තවමත් ඔහු පිළිබඳව තොරතුරක් හෝ පිටව ගිය හේතුවක් හෝ කිසිවෙක් දන්නේ නෑ." යොන්වා පැවසුවේ ඇගේ හඬ හැකි තාක් සියුම් කරමින්.
"ඉතින්, කුමක්ද එහි ඇති විශේෂත්වය?" මා දෑස් විසල් කර ඇසුවේ සැබැවින්ම එහි වූ වැදගත් තොරතුර කුමක් ද යන්න සිතා ගත නොහැකි වූ නිසාවෙන්.
" ඔය පැවැසුවේ. මා කුමකට එය ඔබට පැවසුවද?"යොන්වා පැවැසුවේ ඈ විසින්ම ඇගේ හිසට පහරයක් එල්ල කර ගනිමින්. "මඳක් පය ඉක්මන් කර එන්න බැරිද ඔබට. මා ද නින්දට යා යුතුයි" තරහක් පැමිණි අවස්ථා වලදී ඇයගේ හඬෙහි ශබ්දය දිනෙන් දින වැඩි වනවා මිස අඩුවක් නම් නොවේ. නමුත් මම එයට ප්‍රිය කරමි. මෙම මන්දිරය තුළ මා දැකීමට ප්‍රිය කරන්නේ ද නිසොල්මන් බවට වඩා, කාර්ය බහුල වූවන්ගේ සිනාවෙන් සහ කතා බහෙන් පිරුණු ස්වරූපයයි.
ඉතින් ඇයගේ කැමැත්ත පරිදි මා පය ඉක්මන් කර පියවර තැබුවේ මාගෙ නිදන කුටිය වෙතටයි.
..................................................................
සෑම දිනකම නිදන කුටිය වෙත පියවරෙන් පියවර ලන් වන මා තුළ ඇති වන ඒ හැඟීමෙහි අදද වෙනසක් නොවීය. කොපමණ වෑයම් කලද එය නවතාලීමට මා අසමත් විය.
ඔව්. අදත් ඔහු සුපුරුදු පරිදි මාගෙ කුටිය අසල මුර සංචාරයේ. නිදන කුටිය පුරා එහා මෙහා යමින් එය සෝදිසි කර බලන ඔහු දෙස කුටියෙන් පිටත සිටම මා බලා සිටියේ විසල් වූ දෑසිනි.
නිමේෂයක් ගත වන්නට ඇත. වෙනදා මෙන්ම අදද ඔහුගෙ සෘජු බැල්ම මා වෙත එල්ල විය. මෙය දැනට ටික කලකට පෙර සිට මට නුපුරුදු දෙයක් නොවීය. නමුත් මෙය සිදු වන වාරයක් පාසා මා තුළ හට ගන්නේ දිනෙන් දින වැඩි වන තිගැස්මකි.
සුපුරුදු පරිදිම ඔහු මා වෙත පැමිනියේ ඔහුගෙ සෘජු බැල්ම එලෙසම පවත්වා ගනිමින්. එසේ පැමින මට ආචාර කොට කිසිවක් නොපවසාම පිටව යාම ඔහුගෙ පුරුද්දයි. ඔහු එය සිදු කරන තුරු පිළි රුවක් සේ ඔහු දෙස බලා සිටීම මාගෙ පුරුද්දයි.
නමුත් අද ඔහු තුළින් දිස් වූයේ වෙනදා වූ ස්වරූපය හෝ වෙනදා වූ හැසිරීම නොවේ. එහි ආචාර දැක්වීමට සැරසෙන ස්වභාවයක් නොවීය. ඔහු සෘජුවම පැමිනියේ මා වෙතටයි. මා තුළ වූ තිගැස්ම දෙගුණ තෙගුණ වන අයුරුත් මාගේ දෑස් විසල් වන අයුරුත් මා හට හොඳින්ම දැනුණි. නමුත් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට තරම් මා හට හැකියාවක් නොවීය. මා හිටිවන ම ඔහු දෙස බලා සිටින්නට විය.
නිමේෂයකින් ඔහුගෙ සීතල අත්ල මාගෙ කොපුල් මතින් දිව යන අයුරු මට මට දැනෙන්නට විය. කොපමණ ශීත වුවද ඒ තුළ ගැබ්ව තිබුණේ මට අහිමි, මට අවැසි උණුසුමයි.
මම හොඳින්ම දනිමි. මා මේ සිදු කරන්නේ නීතිය කඩ කිරීමක්. නමුත් සිතට දැනෙන හැඟීම් වලට කුමන නීතියක් ද? මෙපමණ කාළයක් මාගෙ තනතුර හා හැඟීම් ඉදිරියේ මා අසරණ විය.
නමුත් අද ඔහු මා අසලටම පැමිණ ඇත. ඔහු මාගෙ හැඟීම් පිළිබඳව නොවිමසා විමසයි. මා පවසනුයේ කුමක්ද?
නැවතත් මා ඉදිරියේ මැවෙන්නට වූයේ වංශය වෙනුවෙන් දිවි පිදූ මාගෙ පියාගේ මුහුණයි. පියා අහිමි වූ දා දැනුනු අසරණ කම අදද එලෙසින්ම දැනෙන්නට විය. දරාගැනීම අපහසු උවත් එය කල යුතුය. කුමන තීරනය ගත්තද කෙදිනක හෝ මට ඉතිරි වන්නේ පසුතැවීම ම පමණි.
නමුත් මට ආත්මාර්ථකාමී විය නොහැකි. අද මම ඔහු ගැන සිතා තිරණයක් ගතහොත් හෙට දිනයේ ජීවිත කොපමණ නම් අනතුරේ ද?
මට සමාවෙන්න. නමුත් මමයි ඔවුන්ගේ ප්‍රධානියා. ඔවුන් ඔවුන්ගේ ජීවිතය කෙරෙහි තැබූ විශ්වාසය මමයි. මට එය කඩ කල නොහැකි.
...................................................................
අවසන් තිරණයට එළඹිය ද තවමත් මා ඔහු අත් හැරීමට සුදානම් නැත. අවසන් වරට එක් වරක් හෝ මට ඔහුගෙ සීතල පපුතුරෙහි උණුසුම අවැසි විය. මම දෙවරක් නොසිතා මාගෙ දෑත් ඔහු වටා යවා ඔහුගෙ පුළුල් පපුව මත හිස තබා ගත්තෙ සිර කිරීමට වෙර දැරූ ඉකියක් මුවින් පිට වෙද්දී.
ඔහු එය බලාපොරොත්තු නොවුව විය යුතුය. ඔහු කලබලයට පත් වූ බවක් දිස් විය.
නමුත් මට මේ ඇසෙන්නේ කුමක්ද?..........
"මෙය විය නොහැකි...... Taehyung ඔබ......"
YOU ARE READING
~🖤❤️CLARET❤️🖤~[sinhala ff] [✔️]
FanfictionShe is freezing.... But still warms me up..... *FEELINGS* It's hidden in your heart until you give an answer to it.......