~ Author Note ~

419 75 36
                                    

කොහොමද ඉතින්.
කතාවට කැමතිද?

මම දන්නේ නෑ ඔයාලට කොහොම දැනෙන්න ඇතිද කියලා. මොකද එක එක අයගේ feelings එක එක විදියයි.

කොහොම උනත් මම ලියපු කතා කීපය අතරේ මට මේ පොත විශේෂයි.

මොකද මම අඩුම කාලෙකින් ලියපු පොත. මම සාමාන්‍යයෙන් ඕනම දෙයක් ගැන ටිකක් වැඩිපුර හිතන කෙනෙක්. ඉතින් කතාවක් ලියන්න ගියාමත් ඒක එහෙමම තමයි. ඇත්තටම ඒක ලියන කෙනෙක්ගෙ නිදහසට බාධාවක් කියලා වෙලාවකට මට හිතෙනව.

ඉතින් මේ පොත මම ලිව්වේ ගොඩක් නිදහසේ. ලියන්න, cover එකක් හදන්න, මේ හැම දේටම මම ගත්තෙ එක දවසයි.

ඇත්තටම මේ පොත ලියන්න හිතන් හිටපු එකක් නෙවෙයි. Plot එක පොඩියට මගේ ඔලුවේ තිබුණත් ඒක ලියන්න ඕන කියල මම හිතුවේ නැ.

ඒත් දවසක් මට පොතකට cover එකක් හදන්න ඕන උනා. සාමාන්‍යයෙන් මට හැමදේම ඉක්මනට අමතක වෙන නිසා මම plots මතක තියා ගන්න කරන්නේ ඒවට covers හදන එක. ඒ වෙද්දී මගේ හිතේ තිබුන plots වලට covers හදල ඉවරයි. ඉතුරු වෙලා තිබුණ එකම එක තමයි ලියන්න කියලා කවදාවත් නොහිතපු මේ plot එක.

මම Heirs of the Night series එකට මාරම ආසයි. ඒක බලන අතරෙ නිකමට ඔලුවට ආපු plot එකක් මේ.

ඉතින් නිකමට වගේ cover එක හැදුවා. ඒක දැක්කට පස්සෙ කතාව ලියන්න ලොකු ආසාවක් ආවා. ඉතින් මම නිදහසේ මගේ හිතට එන වචන ටික type කරා. හිතුවට වඩා ඒක ටිකක් වෙනස් කියලා දැනුනා.

ඒත් මට තනියෙන් ඒක හොඳයි කියලා තිරණය කරන්න බෑනෙ. මම නිකමට වගේ මගේ යාලුවෙක්ට ඒක යැව්වා.
Neppi බබා ලස්සන නිසදැස් ලියන කෙනෙක්. එයා මම හිතුවටත් වඩා හොඳ comments දුන්නා. ඉතින් මම කතාවෙ ඉතුරු ටිකත් ලිව්වා. Type කරගෙන යද්දි End එක මම හිතන් ඉදියට වඩා වෙනස්ම පැත්තකට ගියා. කොහොම උනත් මම ඒක වෙනස් කරන්න ගියේ නෑ. මොකද මම ඒ අවසානයට කැමති.......

කතාව ගත්තොත් ඒකෙ සම්පූර්ණයෙන්ම තියෙන්නේ හැඟීම් ගැන.

තමන්ගේ හිතට එන හැඟීම් හරියටම තේරුම් ගන්න එක ජීවිතේට ගොඩක් වැදගත් දෙයක්. අපේ හැඟීම් වලට සිමාවක්, නීතියක් නෑ. ඕනම වෙලාවක ඕනම දෙයක් ගැන එක එක විදියේ හැඟීම් අපේ හිතට එන්න පුළුවන්.
ඒ විදියට අද මට දැනෙන හැඟීම "නෑ එහෙම දෙයක් නෑ" කියල පැත්තකට දැම්මොත් හෙට මට වෙන්නේ ඒ ගැන පසු තැවෙන්න.

මුලින්ම තමන්ව තේරුම් ගන්න. ලෝකෙට පේන දේ ගැන නෙවෙයි, මුලින්ම හිතට දැනෙන දේ ගැන හිතන්න. මොකද හිත කියන්නේ වෙනස් තැනක්. එයා දක්ෂයි හැඟීම් එක සැරේට අපිට දෙන්නත් ඒවා හංගලා තියන් ඉඳල නොහිතපු ම මොහාතකම එළියට දාන්නත්.

හරිම වෙලාවේ ඒ හැඟීම් තේරුම් ගන්න එකයි වැදගත්ම. මොකද එතකොටයි අපිට ඒවා පාළනය කරන්න පුළුවන් වෙන්නෙත් නැත්නම් ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන් වෙන්නෙත්.

Suzy ගත්තොත් එයා එයාගෙ හැඟීම් හරිම වෙලාවෙදි තේරුම් ගත්තා. ඒ නිසායි එයාට ඒ දේවල් පාළනය කරන් අන්තිම වෙනකන්ම ඒ වෙනුවෙන් ඉන්න පුළුවන් වුණේ.  ආදරය අහිමි උනත් එයා ඒ හැඟීම මුළු හදවතින්ම වින්දා.

ඒත් Taehyung...
එයාට බැරි උනා ඒ හැඟීම හරි වෙලාවෙදි තේරුම් ගන්න. ඉතින් මම කිව්වා වගේ එයාගෙ හිත ඒ හංගගෙන හිටපු හැඟීම් නොහිතපු ම වෙලාවක එළියට දුන්නා. ඒත් ඒ වෙද්දි එයා පරක්කුයි. පසු තැවීමක් විතරයි එතනදී එයාට ඉතුරු වුණේ.

මම මේ කියන්නේ හිතට දැනෙන හැම හැඟීමට ඉඩ දෙන්න ඕන කියන එක නෙවෙයි. ඒවා තේරුම් අරන් ඒවාට ගැලපෙන උත්තරයක් දෙන එක ගැනයි මම කියන්නේ.
හැඟීම් කියන්නේ "ආහ් ඒක ඉවරයි" කියල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැනෙන හැඟීම තේරුම් අරන් ඒකට හරිම උත්තරේ දෙන එකයි මම දකින විදියට නම් සාර්ථකම දේ.

සමහර විට මම ඒ කියපු දේවල් ඔයාලට පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඉතින් මම සරලවම කියන්නම්.

"තමන්වම රවට්ටන එක නතර කරන්න. වෙන කාගෙවත් හැඟීම් තේරුම් ගන්න කලින් තමන්ට දැනෙන හැඟීමට උත්තරයක් දීල ඉන්න"
.
.
.
.
.
.
.
.
.

එහෙනම් මම යනවා.....
හැමෝම පරිස්සමට ඉන්න......
Bye.......
Love you my reader babala......

~🖤❤️CLARET❤️🖤~[sinhala ff] [✔️]Where stories live. Discover now