හිරු බැස ගොස් අදුර පරිසරය වෙලා ගත් හෝරාවක, දකුණු කොරියාවේ ජිරිසන් කඳු අතර කළු පාලම් නිම්නයේ පිහිටි Vyrad මන්දිරය වෙනදා මෙන්ම කාර්යබහුල ස්ථානයක් විය. කලබලකාරීව එහා මෙහා යන මුහුණු අතර ඉතා ශාන්ත සිනහවක් මුවඟ රැඳුණු එක් මුහුණක් විය.
දළ පැහැයට හුරු ඔප වැටුණු මුහුණෙහි ගැඹුරු රත් පැහැ තොල් මෙන්ම අදුරු පැහැයෙන් සීමා උණු පුළුල් දෙනෙත් ඇයට ගෙන ආවේ විශිෂ්ට කලා කෘතියක ගැබ් වූ සුන්දරත්වයයි. ඇය ගෙල පැළඳ සිටි රත් පැහැ මැණික් ගල සහිත පලඳනාව ඇයගේ සුන්දරත්වයට සරිලන ප්රෞඩත්වයක් ද ඇයට ගෙන දීමට සමත් විය.
"සුබ දවසක් ඔබට. මා ඔබට පැනවූ නව රාජකාරිය ඔබට අපහසුවක් නැතැයි සිතනවා." ඇය පැවැසුවේ සිනහවට ම සරිලන ශාන්ත හඬකින්.
"එසේය ප්රධානී තුමියනි. අපහසුවක් නෑ එහි. මා සතුටින් එය සිදුකරන්නේ." සේවකයකුගේ ස්වරූපයක් ඉසිලූ මැදි වියේ කාන්තාව පැවැසුවේ තමා ඉදිරියේ සිටි තම ප්රධානියාට ගෞරවය ආචාර පුද කරමින්.
"ඕ.... සියොන්ගී අම්මා... ඔබට මා පවසා තිබෙනවා එය නොපවසන ලෙස. තනතුරෙහි බර මට ප්රමාණවත්. එය නැවත නැවතත් කන වැකුම මට අපහසුවක්." ඒ මොහෝතේ අයගේ මුහුණෙහි ඇඳුනේ ශෝකාන්විත ඉරියව්වක්.
"නමුත්...."
"නමුත් නොවෙයි. කුමක් නිසාද ඔබට පමනක් එය සිදු කල නොහැක්කේ. ඔහෝ.... දැනුයි කාරණය වැටහුනේ. ඔබට මාගෙ නාමය ප්රිය නැහැ. එසේ නොවේද? එයයි එසේ නම් හේතුව. " ඇයගේ පිරුණු මුවඟ මත මොහොතින් මොහොතට සරිලන සේ ඇදුණු ඉරියව් බලා සිටින්නෙකු ප්රිය උපදවන සුලු විය.
" එ.. එසේ නොවෙයි..... මමයි ඔබතුමියට එම නම තැබුවේත්. එසේ තිබියදී මා කෙසේද එයට අකැමැති වන්නේ." කාන්තාව කලබල වූ ස්වරූපයක් දිස් විය.
" එසේ නම් නැවත කෙදිනකවත් එය නොපවසන බවට මා හට පොරොන්දු වන්න." තරුණිය පැවැසුවේ ඇඟේ අත්ල මත කාන්තාවගේ අත්ල ගෙන තබමින්. කාන්තාව දෑස් විසල් කර ඇය දෙස බලා සිටින විට ඇය දෑසින් සංඥා කලේ එය සිදුකරන ලෙසයි.
" හොඳයි.. . හොඳයි මා පොරොන්දු වෙන්නම් ඔබතුමියට."
"ආහ්හ...... ඔබතුමියට නොවෙයි. ඔබට.... හොඳයි සියොන්ගී අම්මා. එසේනම් දැන් අමතන්න මාගෙ නාමයෙන්."
YOU ARE READING
~🖤❤️CLARET❤️🖤~[sinhala ff] [✔️]
FanficShe is freezing.... But still warms me up..... *FEELINGS* It's hidden in your heart until you give an answer to it.......