~ Fourth Drop ~

410 89 11
                                    

මම සෙමින් පණිවිඩය දිග හැර බැලීය. එහි ලියවී තිබු වදනින් වදන මා තුළ වූ තැති ගැන්ම ශෝකයක් බවට පත් කිරීමට සමත් විය.

ඔහු සමග කුමන යුද්ධයක් ද? කුමක්ද ඔහු බලාපොරොත්තු වන්නේ? ඔහුට මාගෙ හැඟීම් හුදෙක් එක් ක්‍රීඩාවක් පමණක්ද? බලයක් හිමි පාෂාණයක් වෙනුවෙන් ජීවිත පුජා කිරීමක්. එදා මෙන්ම අදද, අද මෙන්ම ඉදිරියටද මෙය සිදුවේවි. මා වැනිම දියණියක් ආදරවන්තියක් සදාකාලිකවම අසරණ කර දමමින්.

මා රැස් වුවන්ට කිසිවක් නොපවසා ම පියවර තැබුවේ මාගෙ නිදන කුටිය වෙතයි. සියොන්ගි අම්මාද, යොන්වා ද මා සමගම පියවර තැබුවේ මගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බැවිනි.

කුටිය තුළට පිවිසි මා එහි කවුළුව තුළින් ඈත බලා සිටියේ මීළඟට කුමක් කල යුතුද යන්න පිලිබදව සිතුවිල්ලක් හෝ මා තුළ නොවූ බැවිනි.

අවසානයේ මට පසක් වූයේ එක් දෙයකි. ඔහු මගේ ප්‍රථම ප්‍රේමය බව සත්‍යයයි. නමුත් මා ඔහුට ප්‍රේම කරන අයුරින්ම මටද ප්‍රේම කරන පිරිසක් මා වෙනුවෙන් බලා සිටී. මමයි ඔවුන්ව ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දුන් පුද්ගලයා.

සමාවන්න Taehyung......
ඔබට විරුද්ධ වනවා නොවෙයි. ඔවුන්ව ආරක්ෂා කරනවා පමණයි....

.....................................................................

සටන දින දෙකකින් කඳු අතර නිම්න භූමියේදී සිදු වන බවට පණිවිඩ ලැබුණි.

සටන් පෙරමුණ සංවිධානයෙන් අනතුරුව මා යොන්වා හමුවට ගියේ ඇයගෙන් ඉල්ලීමක් කිරීමටයි.

"මට සමාවෙන්න යොන්වා මෙවන් ආත්මාර්ථකාමී ඉල්ලීමක් කිරීම පිළිබඳ ව. නමුත් ඔබ පමණයි මේ වෙනුවෙන් මා සිතට නැගෙනුයේ." මම අසරණ ලෙස ඇයගේ දෑත් මාගෙ දෑත් අතර සිර කර ගතිමි.

"පවසන්න. ඔබ කුමක් පැවසුවත් කම් නැත. මට අවශ්‍ය ඔබට සේවය කිරීමටයි." ඇය දැඩි කර ගත් හඬකින් පැවසුවද, යම් අශුභ දෙයක් පෙර තියාම දැනුනු ලකුණු ඇය තුළින් දිස් වන්නට විය.

" යම් හෙයකින් මා යුද්ධයෙන් පරාජය වුවහොත් අපගෙ ජනතාව, ජිරිසන් කඳු පාමුල භූ ගථ වාසස්ථානය වෙත රැගෙන ගොස් හැකි පමණ කාළයක් එහි සැඟව ජීවත් වන්න. මට අවශ්‍ය ඔබලා ආරක්ෂා වනු දැකීම පමණයි." මාගෙ දෑත් වෙව්ලන්නට වූයෙන් මම යොන්වාගෙන් දෑත් ඉවතට ගතිමි.

තව මොහාතක් හෝ එහි රැඳී නොසිටි මම මීලඟට පැමිනියේ සියොන්ගි අම්මා සමීපයටයි. මෑණියන්ගෙ පහස කිසි දිනෙක නොවිඳි මා හට මවකගේ පහස ලබා දුන් කාන්තාව ඇයයි. සැබැවින්ම ජීවිතය තිබෙන තුරාවට මා ඇයට ණයගැතිය.

මා ඇය වෙත ලන් වන සෑම මොහාතකම ඇය මා දෙස බලන්නේ කුඩා දරුවෙක් දෙස බලන දෑසිනි. නමුත් අද එය වෙනස් විය. එම දෑස් තුළ මා කියවූ එකම වදන නම් අසරණ බවයි.
එක් වදනකුදු මගේ මුවින් පිට නොවීය. මට හැකි වූයේ ඇය තුරුලට වී ඇයගේ පහස ලැබීම පමනකි.
......................................................................

සටනට නියමිත දින උදෑසන සූර්යයා පෙර දිග අහසේ දිස් වීමට හෝරා කිහිපයක් ඉතිරිව තිබියදීම මම නිදන කුටීරය තුළට ඇතුල් වූයේ වෙනදා නොමැති විඩාවකින් ගත වෙලා ගත් බැවිනි.

එය තුළ කොපමණ සුව පහසුවක් දැනුනද එදින නින්ද මා කරා පැමිනියේ නැත.

සටන් බිමේදී කුමක් සිදු වේද? ඔහුට හෝ මට නිසැකවම මියයාමට සිදු වන බව ස්ථිරය. නමුත් මට එය කල හැකි වේද? කිසිඳු පැනයකට පිළිතුරු මා සතු නොවීය.

මීලඟ නිමේෂයේ නිදන කුටීරයට පිටතින් අසුනේ කවුරුන් හෝ එයට තට්ටු කරන හඬයි. මා එය විවර කරගෙන පිටතට පැමිණෙත් ම යොන්වා විත් මා වැලඳ ගත්තෙ පෙර දින මා ඇයට නිසි ලෙස සමු නොදුන් බැවිනි.

"ඔබට පිටත් ව යාමට කාලය එළඹ ඇත... ප්‍රධානීතුමියනි."

~🖤❤️CLARET❤️🖤~[sinhala ff] [✔️]Where stories live. Discover now