මීලඟ නිමේෂයේ නිදන කුටීරයට පිටතින් අසුනේ කවුරුන් හෝ එයට තට්ටු කරන හඬයි. මා එය විවර කරගෙන පිටතට පැමිණෙත් ම යොන්වා විත් මා වැලඳ ගත්තෙ පෙර දින මා ඇයට නිසි ලෙස සමු නොදුන් බැවිනි.
"ඔබට පිටත් ව යාමට කාලය එළඹ ඇත... ප්රධානීතුමියනි." සුළු මොහාතකින් මාගෙන් ඈත් වූ ඇයගෙන් පිට වූයේ මා කිසි දින බලාපොරොත්තු නොවූ ගෞරවාන්විත හඬකි.
......................................................................
සේනාංකය යුද පෙරමුණ බලා පිටත් විය. ඈතින් අසුන්ගෙ කුර ගැටෙන හඬ මා සවනෙහි වැකුනි. ඒ අතර ඔහුද වෙයි. තම ප්රේමයට විරැද්ධව සටන් කිරීමෙහි වේදනාව අන් කිසිවෙකුට නොදැනේවා යන්න ඒ මොහොතෙහි මා සිත තුළ වූ එකම ප්රාර්ථනය විය.
යුද්ධය ප්රකාශ කිරීමෙන් අනතුරුව සංහාරය ආරම්භ විය.
පෙරමුණෙහි ඔහුද මාද සටන් වදී.....................................................................
Taehyung's POV:
අස්වාභාවික අකුණු සැරත් වර්ෂාවත් ඇද හැලෙන්නට වූයේන් Vyrad වංශය තම බලය හොඳින් හසුරවන බවක් පෙනෙන්නට විය.
අඳුරින් වෙලී ගිය ගොම්මනෙහි වුව ද මට හුරු පුරුදු ඒ මුහුන හදුනා ගැනීමට අපහසු නොවීය. ඇය Vyrad වංශයේ උරුමක්කාරිය Suzy,
පෙර දිනෙක හුදෙක් හැඟීමකට වහල් වූ සුකොමාල තරුණියක් ලෙස මා ඉදිරියේ සිටි ඈ අද නිර්භීත ලෙස යුද පෙරමුණෙහි සටන් වදී.දැනෙන හැඟීම වෙනදාට වඩා හාත් පසින්ම වෙනස් ය. සැබැවින්ම සටනකට කිසිසේත් නොගැලපෙන හැඟීම් සමුදායක් හිස තුළ හොල්මන් කරන්නාක් මෙන් දැනෙන්නට විය.
නමුත් දැන් එවන් කිසිවක් සිතීමට කාළය නොවේ. මෙය මුළු මහත් වංශයක් වෙනුවෙන්ම වූ සටනක්. හුදෙක්, සිත තුළ හට ගන්නා හැඟීමකට වහල් වී Dracas වංශය ම අනතුරේ හෙළීමට තරම් මා මුග්ධයකු නොවෙයි.
මා සිත දැඩි කරගෙන ඇය වෙතට අසු මෙහෙය වූයේ ඇඟේ හදවතට එල්ල කරන ලද විෂ පෙවූ හීය අතැතිව ය. තව තවත් ඇයට ලන් වත්ම මට ඇයගේ මනසට ඇතුල් විය හැකි විය.
"Taehyung... මම දන්නවා ඔබ මාගෙ මනස තුළ බව. සමාවෙන්න ඔබට මාගෙ ප්රේමය හුදෙක් කරදරයක් ම පමනක් නම්.
නමුත් මට එය නැවැත්විය නොහැකි.
මේ මොහෝතේ පවා මා ඔබට පෙම් කරමි.
මේ මොහෝතේ පවා මට ඔබේ උණුසුම අවැසි.
නමුත් අවැසි සියල්ල ලැබීමට තරම් මම වාසනාවන්තියක නොවේ.
ඉල්ලීමට අත්තේ එක් දෙයකි.
මා අතින් ඔබ මිය ගියොත් කරුණාකර මට වෛර නොකරන්න. එසේත් නොමැතිව ඔබ අතින් මා මිය ගියහොත් කරුණාකර මට අවැසි ඔබේ උණුසුම අවසන් වරට ලබා දෙන්න. කුමක් සිදු වුවත් ඔබ කෙරෙහි වූ ප්රේමය කිසි දිනෙක වෙනස් නොවෙනු ඇති."ඇයගේ මුවගට පැමිනියේ එක් ශාන්ත සිනහවකි. සටන් බිමක මෙවන් දසුනක්.......
ඇයගේ සිතුවිලි වල මා පමනක්ම විය. මා කෙරෙහි වූ ප්රේමය පමනක්ම ය.
ඇයගේ සිතිවිලි වල උණුසුම.......
ඇයගේ සිනහවෙ ගැබ්ව ඇති උණුසුම.....
එසේනම් ඒ ඇයද.......නමුත් මා ප්රමාදය. මා අතැතිව වූ හීය මා වෙතින් මිදී ගොස් අවසන්ය....
එය නැවැත්වීමට මා තුළ බලයක් වූයේ නම් මා එය සිදු කරණු නොඅනුමානය.නමුත් මට ඉතිරිව තිබුණේ එය ඇයගේ හදවත පසාරු කරගෙන යනු බලා සිටීම පමණි.
කුමක්ද මා මේ සිදු කලේ? මා අසු පිටින් බසිනු මට නොදැනුණි. මටත් නොදැනීම මා ඇය වෙතට පියවර තැබුවෙමි.
ඇයගේ පුළුල් දෑස් තවමත් විවරව ඇත. එම නෙත් තුළ තවමත් සටහන් ව තිබෙනුයේ මා කෙරෙහි වූ ප්රේමයයි.
ඇයද මාද එකිනෙකාට ලන් විය. දිය වූ හිම සහිත පොළොව මත වැතිර සිටින ඈ මාගෙ තුරුලට ගත් මොහොත....
හිම මෙන්ම ශීත වූ ඇයගෙන් මට දැනෙන උණුසුම........
මෙයයි මට අහිමි, මට අවැසි උණුසුම.......අවසන් වරට ඇය මා දෙස බලා වදන් කිහිපයක් මිමිනීය.
"ඔබ මට උණුසුම ගෙනෙන ශීත කාළයයි. මට සමා වෙන්න. මම ඒ ශීත කාලයට තවමත් පෙම් කරමි."මා ඇයගේ උණුසුම ලැබීමට සුදානම් වන විට ඇය මා හැර ගොස් අවසන්ය.
............................ නිමි..............................
YOU ARE READING
~🖤❤️CLARET❤️🖤~[sinhala ff] [✔️]
FanfictionShe is freezing.... But still warms me up..... *FEELINGS* It's hidden in your heart until you give an answer to it.......