Chapter 01 ✵

1.8K 215 13
                                    

Omma : පුතා...

කෝ නැගිටින්න නැගිටින්න, දැන් හොදටම උදේ වෙලා. "

බලන්න දැන් වෙලාව කීයද කියලා.

" ඔම්මා....අනී තව චුට්ටයි. "

omma: " චුට්ට චුට්ට කියලා දැන් පැය බාගයක් විතරම වැඩිපුර නිදා ගත්තා. නැගිටින්න නැගිටින්න. ඉස්කෝලේ යන්න ඕනේ. "

" අනේ ඔම්මා.............😢 "

omma: " කෝ කෝ ඉතින්, අද මට අලුත් තැනක වැඩට යන්න තියෙන්නෙත්. නැගිටින්නකෝ මගේ මැනික."

" හ්ම්ම්.............."

ඔම්මා මගේ බෙඩ්ශීට් එකත් ඇදලා දාලා කාමරෙන් එලියට ගියේ " මම ආයේ එන්නෙ කොස්සකුත් අරන් 😑 බබා..." කියලා කියාගෙන. මම ඇදෙන් නැගිටලා හිමින් හිමින් ගෑටුවේ මගේ කාමරේ එල්ලලා තියෙන පුන්චි කැලන්ඩරේ ලගට.

" අද 2020. 10. 09 "

මම පාඩම් කරන මේසේ ලග එල්ලලා තිබුන ඒ කැලන්ඩරේ අද දවස මම පෑනකින් කපලා දැම්ම. ඇත්තටම මේක මම පුරුද්දක් විදියට කරන දෙයක්. හැමදවසකම උදේ නැගිටලා ඒ ඒ දවස පෑනකින් කපලා දානවා.

ඒ,,

" විශේශ දවසක් නොව්නත් හැමදේම හොදින් වෙන්න" කියලා ප්‍රාර්ථනා කරන් ගමන්.

ඔයාලට මොකද හිතෙන්නේ, මම කව්රු කියලද හිතන්නෙ ?! ☺️

මගේ නම ජියෝන් ජන්ග්කුක්. හද්දා පිටිසර ගමක ඉපදිලා සෝල් කියන රාජ්‍යට මගේ මහන්සියෙන් ආව කොල්ලෙක්. මට සෝල්වලට එන්න පුලුවන් උනේ මගේ අද්‍යාපනික කුසලතා නිසා වගේ ම හැම වැඩකටම වගේ තිබ්බ උනන්දුව කැපවීම නිසා.

ඒ නිසා සෝල්වල ඉන්න ලොකු මහත්තයෙක් මාව ලොකු ඉස්කෝලෙකට දාලා දුන්න. මමයි ඔම්මයි සෝල් ආවේ ඔන්න ඔහොම. මට ඉන්නේ ඔම්ම විතරයි. අප්පා කෝ කියල අහන ගොඩක් වෙලාවට ඔම්මා කරන්නේ මගෙන් කදුලු හංගගෙන හිනාවෙන එක. මම දැන් අප්පා ගැන ඔම්මගෙන් අහන්න යන්නෑ. අපි සෝල් ඇවිත් දැන් මාස හතක් විතර වෙනවා.

❦︎ 𝙼𝚢 𝚜𝚎𝚌𝚛𝚎𝚝 𝚕𝚘𝚟𝚎𝚛 ❦︎ [ 𝑇𝐾]  ✔︎ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ Where stories live. Discover now