Jungkook pov :
📲📲|•••
තවත් දවසක උදාවක් !!!
අද මට ඉස්කෝලේ නිවාඩු දවසක්. සෙනසුරාදා නේ. ඒ නිසා මන් සෙනසුරාදට සාමාන්‍යයෙන් කලින් නැගිටිනවා අඩුයි. ඔම්මත් මාව ඇහැරවන්නේ නෑ.
ඒත් හදිස්සියෙන් ම මගේ කොට්ටේ අස්සේ තිබ්බ පුන්චි බට්න් ෆෝන් එක කෑ ගහන සද්දෙට මගේ නින්ද කැඩුනා.
මම නැගිටලා බලද්දි ,,
" වෙලාව 9.00 යි. " ඇද කෙලින් බිත්තියේ ගහලා තිබ්බ රව්ම් මූනු ඔරලෝසුව දැක්කම මට කෙලත් ගිලුනා.
ටක් ගාලා ඇදෙන් ඉදගෙන ෆෝන් එක අතට ගත්ත මම ඒක කනේ තියාගත්තේ කව්ද කියලවත් බලන්නේ නැතුව.
" හෙලෝ "
🦅: " හෙලෝ ,, මේ මිසිස් ජියෝන්ගේ පුතා නේද ?? "
" ඔව් මේ කව්ද ?? "
🦅: ආහ් මම මිසිස් කිම්. මම මේ කියන දේ අහලා කලබල වෙන්න එපා. ඒත් ඔයාගේ ඔම්මාට එක පාරම පොඩි කලන්තයක් ආවා. දැන් නම් ලොකු ප්‍රශ්නයක් නෑ...ඒත්--
" 😢 අනේ....අනේ මැඩම් මගේ ඔම්මා,, එයාට මොකද ?? එයා හොදින් නේද..ඒත් ?? ඒත් කීවේ ඇයි ?? අනේ මැඩම්..."
🦅: " අනේ බය වෙන්න දෙයක් නෑ පුතෙ.. ඔයා කලබල වෙන්න එපා, පුලුවන්නම් ඉක්මනින් මෙහෙට එන්නකො. "
Call end •••|
මට ඊට වඩා මොකුත් ම අහන්න සිහියක් තිබ්බේ නෑ.
මගේ ඔම්මා ?? එයාට මොනා වෙලාද දන්නෑ...
මගේ ඇස්වල කදුලු පිරිලා. මට මගේ කියලා ඉන්න එකම කෙනා. මම කොහෙන්ද එයාට බෙහෙත් අරන් දෙන්නේ. බෙහෙත් ගන්න මට කොහෙන්ද සල්ලි.
මගේ ඔලුව ඉදන් කෙස්වලින් බේරෙන දාඩිය බින්දු ඇස්වලින් ගලන කදුලු එක්ක එකතු වෙලා මූන දිගේ පහලට ගලනවා.
YOU ARE READING
❦︎ 𝙼𝚢 𝚜𝚎𝚌𝚛𝚎𝚝 𝚕𝚘𝚟𝚎𝚛 ❦︎ [ 𝑇𝐾] ✔︎ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ
FanfictionTeakook ship story 🐰❤️🐯 you can read & enjoy.☺️ 🚫 JUST A FANFICTION 🚫 ''නුහුරු තාලෙට හැගෙනා හදවතේ රිද්මෙට මාගේ... ආයේ ආයේ ඔය රූපේ මට මැවෙනවා... හැංගි හැංගි පෙම් කල ඔබමයි මාගේ ප්‍රානේ... පුන්චි ඉගියෙන් පවා හදවතේ ඉඩ ඉල්ලනා...''...