Chapter 06 ✵

854 195 18
                                    

.......................
.......................

ටේහ්‍යුන්ග් එයාගේ අනිත් අතේ එක දිගු ඇගිල්ලකින් මගේ මූනේ රටා අදිනවා. එයාගේ තොල් තියෙන්නෙ මගේ කම්මුලක ගෑවෙන නොගෑවෙන දුරකින්. මට මේ දැනෙන හැගීම තවත් දරාගන්න අමාරුයි. මගේ ඇස් පියවිලා ගිහින්.

මට ටේහ්‍යුන්ග් ගේ හදවත ගැහෙන වේගේ ඇහෙනවා. අනිවාරෙන්ම මගේ හදවතත් මීට නොදැවෙනිව ගැහෙන වේගේ ටේහ්‍යුන්ග්ට ඇහෙනවා ඇති කියලා මට හිතුනා.

ඒ අත්වලින් මට ගැලවිලා දුවන්න ඕන තරම් ඉඩ තිබ්බා. ඒත්........,,,

ඒත් මට කිසිම ඕන කමක් නෑ. එයාගේ ඒ දිග ඇගිල්ලක් මගේ මූන පුරා යද්දි මට දැනුන ඒ අමුතු වින්දනයට මම මාර විදියට ආසයි කියලා මට දැනුනා.

ඒත් ,, ඒත් ඇයි ?? මොකක්ද මන් මේ කරන්නේ ?? ටේහ්‍යුන්ග් මොකක්ද මේ කරන්නේ ??!! මොන යකෙක්ද මේ වැහිලා තියෙන්නේ මෙයාට ☹️

බිත්තියටත් ටේහ්‍යුන්ග්ටත් මැදිවෙලා මගේ හැගීම් තෙරපෙනවා. මට මේක අලුත් දෙයක්. කවදාවත් කිසිම කෙනෙක්ගෙන් නොලැබුන වින්දනයක් දැනෙනවා.

" ඔය___ද ?? අර චිට් එව්වේ " මගේ හැගීම් මැඩගෙන ඇස් ඇරගන්න ගමන් මම රහසින් වගේ එයාගෙන් ඇහුවා. ඒ ඇස් මන් දිහා බලන් ඉන්නේ ලොකු හැගීමකින්.

🐯: හ්ම්..

හරිම කෙටි උත්තරයක් !!

ඔව් ??!!

" ඔයා_______"

🐯: මම ඔයාට කැමතියි කුක් !!!

මගේ කන ලගටම තවත් ලං වෙලා දිවෙන් මගේ කන් පෙත්තක් සිනිදුවට තෙත් කරන ගමන් ම එයා එහෙම මිමිනුවා.

අමුතුයි !!! මගේ කකුල් දෙකෙන් පටන් ගත්ත හිරිය මුලු ඇග පුරාම ගියා. ලොකු සැනසීමක් දැනෙනවා. ඒත් එයා ඒ කියපු දේ ??!! මාව දැනටමත් සීතල වෙලා හිරිවැටිලා.

අපි දෙන්නම මේ ලෝකේ සිහියට ආවේ රෙස්ට් රූම් එක ඇතුලට ආව ලොකු හ්‍යුන්ග් ලා කීප දෙනෙක්ගේ කටහඩවල් වල සද්දෙට.

ටේහ්‍යුන්ග් දිහා බලන්න තරම් මට ශක්‍තියක් නෑ. මගේ මූනම රත් වීගෙන එනවා කියලා මට තේරුන නිසා
මම ටේහ්‍යුන්ග්ගේ අත්වලින් ගැලවිලා පුලුවන් තරම් වේගෙන් දිව්වා. ක්ලාස් එකටම දුවගෙන යනකන් පස්ස වත් හැරිලා බැලුවේ නෑ.

❦︎ 𝙼𝚢 𝚜𝚎𝚌𝚛𝚎𝚝 𝚕𝚘𝚟𝚎𝚛 ❦︎ [ 𝑇𝐾]  ✔︎ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ Where stories live. Discover now