පළමු කොටස

1.5K 184 63
                                    

"නැගිටපාන්.... නැගිටපිය යකෝ... පරක්කුයි හොදටම... උබ නම් හැදෙන්නෙම නෑ"

ආයිශ් මේ උදේ පාන්දර මොන යකා කෑ ගහනවද මන්දා කියලා හිත හිතාම මමත් ඇහැරුනා... අයියෝ මට නිදිමතයි අනේ.... ආහ් මේ යූබින් නේ... මොන රෙද්දක්ද මන්දා

"අනේ බිනා පනේ මම තා සුට්ටක් දෝ ගන්නම්"

"තා සුට්ට තා සුට්ට පෙනෙයි තොට යකෝ යුනි යන්න හොදටම පරක්කුයි 7 හමාරත් වෙලා ඕයි"

මොකාක්... මොකාක් නෑ නෑ අයියෝ අදත් පරක්කු වෙන්න බැ... මේ මෝඩ බිනාටත් මාව කලින් ඇහැරවන්න බැරි උනාද සෙද්ද...

"යකෝ කලින් කතා කරන්නෙපැයි බල්ලෝ"

"අනේ මේ උබ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව ලෑස්ති වෙලා වරෙන් රෙද්ද... ඇයි යකො කීයේ ඉදන්ද මම කතා කරන්නේ"

බින්ගේ කිංකිණි නාදෙත් අහ අහම මම බාත් රූම් එකට ගිහින් නාගත්තා... සූද සබන් ගාලා නාලා... සෝස මලක් වගේ යන්න එපැයි යුනි යද්දි.... අයියෝ නෑ නෑ කෙල්ලෝ ටෝක් කරන්න නෙමෙයි නෑ කිව්වට නෑමත් නෙමෙයි ඉතින්...

මගේ නම චාන්, ෂියාඕ චාන්. මගේ වයස ගැන කිව්වොත් සූටියට 21 ලැබුවා විතරයි... එතකොට අර කෑ ගැහුව බූරුවා තමයි මගේ දුකට සැපට එකට ඉන්න හොදම යාළුවා... අපේ යාලුකම කොච්චර ද කියනවානම් දෙන්නට දෙන්නා චාටර් කරගන්න අවස්ථා හොය හොය යන්නේ...

මම ඉතින් බිනා ටත් බැන බැනම ලෑස්ති උනා... ඇයි අප්පා තව ටිකක් කලින් ඇහැරෙව්වානම් මොනවා වෙනවද මං අහන්නේ... මහ නරකම නරකයි බින් නම්.

ඉතින් ලෑස්ති වෙලා බිනා එක්කම උදේටත් කාලා යුනි යන්න පාරට ආවා. අපේ එපාර්ට්මන්ට් එකේ ඉදන් යුනි එකට පයින් ගියොත් විනාඩි 10 යි යන්නේ... ඉතින් මමයි බිනයි වෙනදා පුරුද්දටම පයින්ම යුනි එකට ආවා.

බිනාගේ පපයි අපේ පපයි හොද යාලුවෝ ඒ නිසාම බිනා ත් චූටි කාලේ ඉදන්ම මගේ යාලුවා. තනියම කඩේකටවත් යවන්නේ නැති මාව මේ බිනා ඉන්න හින්දාමයි ගෙවල් වලින් ටිකක් දුර යුනි එකකට දැම්මේ... බිනා ඉන්න හින්දාම හොදයි මට නැත්තම් මම මේ අත පය සුට්ටක් ලොකුවට තිබ්බට තාම තේ එකක් වත් හදාගන්න බෑ... අනික ඉතින් තේ හදන්න පුලුවන් වෙලා කාටද හරි ගියේ හුහ්. මම කෙල්ලෙක් ද තේ හදන්න.

❤Say Love❤(Yizhan) [complete]Donde viven las historias. Descúbrelo ahora