මම යූබින් වත් ඇදගෙනම කෙලින්ම ආවේ ලෙක්චර් හෝල් එකට. හම්මෝ මහන්සියි...
"තාම ප්රොෆෙසර් ඇවිත් නැද්ද බං"
"ඔව් නෙහ් නෑ වගේ නේද... අහ් ඔය එන්නෙ බං කියද්දිම"
අපෝ ඔය එන්නේ සීචෙන් කාරයා.. මොනා උනත් පොර හෙන හොදයි. අපේ බයෝ ප්රොෆෙසර්... ඔව් ඔව් මම මේ විකාර නැටුවට වගකීමක් සහිත වෛද්ය ශිෂ්යයෙක්... වෙලාවකට වෛද්ය ශිෂ්ය පට්ටම පැත්තකට දාලා මොන්ටිසෝරි බබෙක් වෙන්නත් මට ලොකු හැකීයාවක් තියෙනවා...
"ආයුබෝවන් ළමායි"
"ආයුබෝවන් සර්"
"කෝ හැමෝම වාඩිවෙන්න"
දැන් ඉතින් මම මගේ ළමා මානසිකත්වේ පැත්තකින් තියලා ප්රොෆෙසර් ට අවධානය දුන්නා...
සැක් නිදිත් මතයි අප්පා... තව වෙලාව කොච්චර තියෙනවද... අප්පෝ තව පැය භාගයක්ම තියෙනවා... කෝ මේ බිනා... අපෝ ඌ නිදිනේ... මටත් දැන් කම්මැලියි වගේ අප්පා...
"හරි ළමායි අදට පාඩම ඉවරයි. ඔයාලට ලොකු දෙයක් කියන්න තියෙනවා... කෝ මේ පැත්තට අවධානේ දෙන්න."
ආ මොකක්ද මොකක්ද ඒ ලොකු දේ... අපිව ට්රිප් එකක්වත් එක්ක යනවද... වාව් ශෝක් ඒනන්... අර උදේ හැප්පුන පොල් රොටියත් ආවොත් ශෝක් අප්පා... ඊහ් මොනාද මනුස්සයෝ ඒකාවමද මතක් වෙන්නේ... ග්රර්රර්...
මොකක් වෙලාද කියලා මම වත් දන්නේ නෑ මට ඒ පොල් රොටියාවමයි මතක් වෙන්නේ... ඔයාලා හිතන්නෙ පොල් රොටියා කිව්වම කැතම කැත ඌරෙක් කියලාද... මොන පිස්සුද එයා මේ මටත් වඩා මේ ලස්සන හා පුංචෙක් වගේ ඉන්න මටත් වඩා ලස්සනයි... ඒ ඇස් නපුරු පාටයි... අර කට කොනට හිනා උන විදිය මාරම ඊහ් මට එයාවමයිනේ අප්පා මතක් වෙන්නේ ලැජ්ජයිත් වගේ...
"ෂියාඕ ජාන්..."
මම එකපාරම උඩින් ගිහින් හරි සිහියට ආවේ ප්රොෆෙසර් කාරයාගේ කටහඩට.
"ඔහ් ඔහ් ප්රොෆෙසර්"
"ඔහ් ප්රොෆෙසර් නෙමෙයි මොන ලෝකේද හිටියේ අතෙන් මූණත් වහන්"
ඈ මම මොන වෙලාවෙද මූණ වහගත්තේ.. අනේ මට මොනා වෙලාද අනේ.. අරයව දැක්ක වෙලා ඉදන් මොකක් හරි වෙලා මේ බලන්නකෝ මගේ හාර්ට් එකත් එළියට පනින්න වගේ... අද හවස් වෙලා බිනා එක්ක හොස්පිටල් යන්න ඕනි.
YOU ARE READING
❤Say Love❤(Yizhan) [complete]
Fanfiction"කොයිද උපමා ලොවේ කිසිදා අසා නෑ මා... හදේ ඇදුනා හිතේ රැදුනා ඔබේ රුව මා..."❤💚