හයවන කොටස

599 166 35
                                    

දවස් තුනක් ගෙවිලා ගියේ මට නම් මල යකා නගිද්දී...
මන් අර මෝඩ අයියා කාරයට කෝල් කරලම අච්චර ප්‍රොපා ගැන වැරදි කිය කිය බැන්නත් තාමත් යැන්ලි අක්කා යන්නෙ ප්‍රොපා එක්ක..මට තරහයි අප්පා... 

රෙද්ද දැන් නම් මට හිතිලා තියෙන්නේ අර මල වදේ යැංසි එක්ක හරි සෙට් වෙන්න ඇයි අප්පා... ඒත් ඒ මලහෝන්තුව කරේ ගහගන්නවට වඩා හොදයි පාරේ ඉන්න නකුටු බැල්ලියෙක්ව එල්ලගන්නවා ඇයි අප්පා. හතර වටේ මිනිස්සු හුම්... අනික ඉතින් මම ලෞ ප්‍රොෆා ටනේ එයාට නම් ඉටිම් මාව වීලුවක් හුම්ම්... අයියෝ මගේ යෞවන කාලේ...

මගේ වෙනස බිනාටත් තේරිලාද කොහෙද.. අද ලෙක්චර්ස් වලට ප්‍රොපා ඇවිත් දැන් පැය භාගයක් ඒත් මන් එයා දිහා බැලුවෙ වත් නෑ.. එතකොට එයාට යැන්ලි අක්කව එච්චරටම සෙට්ද.. මට දැන් අර මල අයියා යකා එක්කත් කේන්තියි.. ඔක්කොම එකයි.. මගේ උදව්වට කවුරුත් නෑනේ..
මේක මහ කෲර ලෝකයක් අප්පා...
මෝඩ වන්ග් යීබෝ.. මන් ඔයා එක්ක කතා කරන්නෙ නෑ.. ඒත් ඔයා මගේ ඒක නම් අමතක කරන්න එපා.. හොදින් හරි නරකින් හරි..
දැන් එතකොට ඔයා යැන්ලි අක්කව දාලා ඔයාගෙ ගෙදරට යන්න එපැයිනේ නේද... එහෙනම් යමු.. අද මන් එනවා ඔයා එක්ක..  ඔයාගෙ ගෙදරට ගිහින් මන් කියන්නම් මන් ආදරෙයී කියලා.. මගුල නැත්තම් ඔයාව මට නැති වෙනවා... 🥺🥺

මට අද පාඩමෙන් වැඩක් නෑ.. ඔලුවත් රිදෙනවා..

" ජාන්... නැගිටින්න.."

හුටා ප්‍රොපා නෙද... ඇයි දන්නෑ ඒ පාර.. මන් නැගිට්ටා...

" ඇයි... "

" තමුන් සිහියෙන් නෙවෙයිද ඉන්නේ.. සිහියෙන් ඉන්න බැරි නම් ඇයි එන්නේ... "

යකෝ.. මූ බලපන්කෝ.. හැච හැච තමයි.. කට බෝක්කුව වගේ ප්‍රොෆෙසර් කාරයා.. තොට වඩා හොදයි යකෝ අර අයියා කාරයා...

මන් ගත්තා බෑග් එක.. කොහොමත් මට අද ඉන්න බෑ.. ඔලුවත් රිදෙනවා.. කොහෙට හරි වෙලා ඉදලා මන් අද ඔයා පස්සෙන් එනවා පොල් රොටියෝ....

" කොහෙද යන්නෙ ආ..."

" සර්.. මන් ඉන්නෙ අසනීපෙන්.. ඒ නිසා මට පාඩම අහගන්න බෑ...මන් යනවා.."

ඒ මූණ දිහාම බලන් මන් කිව්වේ.. එයාගෙ ඇස් ගැස්සිලා ගියා.. ඇයි දන්නෑ.. විකාරෙ...
අඩියට දෙකට මන් ගාවට ආව එයා.. මගෙ නලලට අත තියලා බලද්දි මගෙ ඇස් දෙකත් පිය වුනා..  එයාගෙ අත ශෝක් අප්පා...

❤Say Love❤(Yizhan) [complete]Where stories live. Discover now