Chapter 1

628 107 13
                                    


හිනාවෙද්දි සිහින් වෙන නිල්වන් දෑස්, සීතල නිසා ලේ රතු පැහැයට හැරිලා තියෙන ඒ දෙකොපුල්,චෙරි පැහැයෙන් නැහැවුණු තෙත් තොල් පෙති....... ඔව්....... එයා සුරදූතයෙක්......

.

ළදරුවෙක්ගේ හා සමාන ඒ දෑත් මට තව එක් වතාවක් අල්ලලා බලන්න තිබ්බ නම්........ඒ හුරුබුහුටි අත්ල මල් පෙත්තක් වගේ සිනිදුයි... ඒ දෑත්වල සිනිදු ස්පර්ශය තාමත් නොමැකී තියෙන මගේ දෑත් එයට සාක්ෂි දරනවා.......

.

කෙනෙක්ගේ හීන ලෝකයක අතරමං වෙලා ඉදිද්දි යුන්ගි අවදි වුණේ මොකක්දෝ මන්දා බිදෙනවා ඇහෙද්දි..... ඒත් එක්කම...........

.

.

"ජූන්........ මම ඔයාට කියලා තියෙනවා කුස්සිය පැත්තේ පස් පාගන්නේ නෑ කියලා මේ කී වෙනි පිගානද ඔයා අතින් බිදුන..........."

.

.

"ආව්.......අනේ.....ජිනී ඕකට ඔයාගේ ඔය සස්සන සෝස පාට සෝස් පෑන් එකෙන් ගහන්න ඕනද......ආව්........ ආයිෂ්..... රිදෙනවා......."

.

.

යුන්ගිගේ හියුන් ජින් හියුන්ව කසාද බැදලා ගෙදර එක්කගෙන ආව දවසේ ඉදන් ඔය තත්වය සාමාන්‍ය දෙයක්....... ඔහු ඇදෙන් නැගිටලා ඇදුමක් දාගෙන සාලෙට ගියේ කොහේහරි යන්න හිතාගෙන..........

.

.

"යුන්ගි.......... අදත් අර ජිමින් කොල්ලා ආවා........"

.

.

පහළට ආපු ගමන් ජින් හියුන්ගෙන් ඔහුට අහන්න ලැබුනේ ඔහුගේ ලෝකේ තියෙන ලස්සනම වචනය......

.

.

"ඉතින්......."

.

.

"ඉතින්.........ඇයි යුන්ගි ඔයා ඒ කොල්ලට මෙහෙම කරන්නේ....... එයා ඔයාට කොච්චර ආදරෙයිද කියලා ඔයාට පේනවානේද......"

.

.

"ඒක ආදරයක් නෙවෙයි...... මට ඒක වදයක්........."

.

.

ඒ වදනේ කේන්තියක් ගැබ් වෙලා තියෙනවා පෙන්නන්න යුන්ගි එළියට ආවේ දොරත් හයියෙන් වහගෙන.......

.

.

ඒත් එක්කම ඔහුට ලාවට හිනාවක් ගියේ ජිමින් එහෙට පැමිණ නැවතත් යනකොට ළග තිබුන ගලකට කකුලෙන් ගහගෙන ගිහිල්ලා අන්තිමට කකුලත් ඇද ඇද කොර ගගහා යනවා යුන්ගි උඩ කාමරේ ඉදන් බලාගෙන හිටපු විදිහ මතක් වෙලා......

_____________________________________

Next chapter

᯾𝑰𝑻'𝑺 𝒀𝑶𝑼 𝑨𝑵𝑮𝑬𝑳᯾ʸᵒᵒⁿᵐⁱⁿWhere stories live. Discover now