Final Chapter

437 98 27
                                    

"ප්ලීස් යුන්ගි තව එක සැරයක්......"

.

"සීතල නැද්ද ඔයාට.....බහින්න ඕකෙන් දැන්...."

.

"අනේ මේකේ යනකොට ශෝයි....එක සැරයක් ප්ලීස්........"

.

සැණකෙළියෙහි වූ රෝලර් කෝස්ටර් එක මත වාඩි වී තුන්වෙනි වටයකුත් යෑමට යුන්ගිගේ අත අදිමින් පෙරත්ත කරන ජිමින් දෙස යුන්ගි වශී වී මෙන් බලාගෙන සිටියේ ජිමින් අවසානයේ කියූ දේ සවනට නොගෙනයි....

.

"හැලෝව්.....කොහෙද බලන් ඉන්නේ....."

.

සිතුවිලි ලෝකයෙන් එළියට පැමිණීමට ජිමින්ගේ අත්පුඩියකුත් කටහඬත් උදව්වක් කරගත් යුන්ගි නැවතත් සිනා සී ජිමින්ව එතනින් ඇදගෙන ගියේ පණ්ඩිතයා වගේ ගියාට අන්තිමට මාස ගානක් හචුස් හචුස් ගගා ඉදීයි කියාගෙන.......

.

.

එදින ඔවුන් සන්ධ්‍යාවේ සිටම බොහෝ විනෝද වූවා.....නොයෙකුත් විනෝදකාමී වැඩවල නිරතවෙමින් දෙදෙනාම සතුටින් සිටියා...... රාත්‍රියේ උද්‍යානයේ බ්ලොසම් ගසක් ඉදිරියේ නොයෙකුත් ආකාරයට හිදිමින් දෙදෙනාම ඡායාරූප ගත්තේ ජිමින්ට ඒ සියල්ලම මතක සටහන් අතරට එක් කරගැනීමේ අරමුණක් ද ඇතිවයි.....

.

.

ජිමින්ගේ සිනා හඩ සවන් වැකෙද්දි හදවතේ දලුලන වේදනාව මෙතරම් වේලාවක් යටපත් කරගෙන සිටි යුන්ගිට දැනුණේ තම ශක්තිය හීන වනවා සේ හැගීමක්........ සියල්ල බොද වී පෙනෙද්දි ඔහු දුටුවේ කලබලයෙන් තමා ඉදිරියට දුවගෙන එන ජිමින්ගේ විසල් වූ නිල්වන් දෑස් දෙපළයි.......

.

.

හදවතට අත තබාගෙන දණනමා සිටින යුන්ගිව වාරු කරගත් ජිමින් මෙතරම් වේලාවක් ලෝකයට පෙන්නමින් සිටි ව්‍යාජ සිනහවත් අතුරුදහන් කරවා ඔහුවත් වත්තම් කරගෙන ගියේ බ්ලොසම් ගස සෙවණටයි.........

.

.

යුන්ගිව බ්ලොසම් ගස යට වාඩි කරවා ජිමින් ද අනෙක් පසින් හිද ගත්තේ හදවතේ ඇවිලීමට නියමිත ගින්නට සූදානම් වීමට සැරසෙන හැගීමකිනි...... කදුලු උපරිමයෙන් පාලනය කරමින් සිටින ජිමින් ඈතින් පෙනෙන පීච් බ්ලොසම් මල් දෙසට නෙත් යොමා සිටින අතරේ ඔහුගේ වම් උරහිසට හිස තබා ගත් යුන්ගි සිනහවක් මුහුණේ රදවාගෙනම තොල් අතරින්ම කුමක් හෝ මුමුණන්නට විය........

᯾𝑰𝑻'𝑺 𝒀𝑶𝑼 𝑨𝑵𝑮𝑬𝑳᯾ʸᵒᵒⁿᵐⁱⁿWhere stories live. Discover now