Chapter 9

317 91 5
                                    

තවත් එතන රැදී නොසිට යුන්ගි පිටතට පැමිණියේ හදවතේ ගිනිදැල් දලුලා වැඩෙන හැගීමක් ඇතිවූ නිසයි......

.

.

පිටතට පැමිණෙන විට ඔහු ඉදිරියේ සිටි හෝසෝක් හට වාරු වී යුන්ගි හයියෙන් කහින්න ගත්තේ යුන්ගිගේ මුවින් පිටවන රුධිරය දෙස හෝසෝක් විසල් වූ දෑසින් බලාසිටින අතරේ........

.

.

"යු.....යුන්ගි..........."

.

.

හදවතට අත තබා ඉවරයක් නැතුව කහින යුන්ගි දෙස බලාසිටි හෝසෝක්ගේ මුවින් එලෙස පිටවුණේ ඉබේටමයි.....කැසීමට මදක් තිත තැබූ යුන්ගි..........

.

.

"ඔව් හෝසෝක්.......මම මැරෙන්න ඉන්නෙ.........."

.

.

"ඇයි ඇයි නොකිව්වේ..........."

.

.

"ඔයා හිතන්නේ ජිමින් දැනගත්තොත් මොනා කරයි කියලද........."

.

.

"එයාට තාමත් කිව්වේ නැද්ද........"

.

.

"එයා තේරුම් ගනියි...... අනිවාර්යයෙන්ම තේරුම් ගනියී....."

.

.

හෝසෝක්ගේ වාරුවෙන් මිදුන යුන්ගි හදවතට අත තබාගෙනම එතනින් පිටව ගියේ හෝසෝක් කර කියා ගැනීමට දෙයක් නොමැතිව මෙන් කේන්තියෙන් බිත්තියට අත ගහගනිද්දි.........

.

.

හිමින් සීරුවේ රෝහලේම වූ නාන කාමරයක් තුළට ගිය යුන්ගි ගලායන ජලයට තම වෙවුලන අත් ඇල්ලුවේ සීතල මුලු ශරීරයේම හිරියක් සේ යන අතරේ......මුඛය සෝදා මද වේලාවක් ඉදිරියෙන් ඇති තම ප්‍රතිබිම්බය දෙසම බලාගෙන සිටි ඔහු කට කොනින් හිනාවුනේ පරාජිතයෙක් දෙස බැලුවා හා සමානවයි.........

.

.

"තමුන් එයත් එක්ක ජීවිතේ අලුතෙන් පටන් ගන්න හැදුවා විතරයි...නේද....‍එයාව හැමදාම සතුටින් තියන්න නේද ඕන වුනේ....... හහ්....අන්තිමට මොකක්ද වුණේ..... එයාගේ දුකට හේතුව තමුන් වුණා......"

.

.

ඒ වචනවල ගැබ් ගෙන තිබූ වේදනාව, ඔහුගේ උමතු හිනාවෙන්ම සැගවීමට ඔහු උත්සහ කළා.........

.

.

.

"ජිමින්.......ඉක්මනින් තේරුම් ගන්න...... අපිට වැඩි කාලයක් නෑ......."

___________________________________________________

Next chapter

᯾𝑰𝑻'𝑺 𝒀𝑶𝑼 𝑨𝑵𝑮𝑬𝑳᯾ʸᵒᵒⁿᵐⁱⁿWhere stories live. Discover now