Chapter 6

321 96 6
                                    

උදෑසන හිරු කිරණ ජනෙල් අතරින් නිවස තුළට පැමිණ කාමරයම ආලෝකමත් කරද්දි ඇද මත සිටි යුන්ගිගේ දෑස් ගැහෙන්න ගත්තේ තද හිරු කිරණ ඔහුගේ මුහුණ මතට පතිත වීම නිසයි........

.

.

අවදි වී මදක් හිස බදාගෙන සිටි යුන්ගිගේ සිතුවිලි ලෝකයේ අවුල් ජාලයක් සේ සැරිසන්න ගත්තේ පෙර දිනයේ සිදු වූ සිද්ධීන් ය.......

.

.

දුරකථනය නාදවන හඩ ඇසී කුඩා ඇස් ඒ වෙතට ගෙන ගිය යුන්ගි වේලාව දුටු විටදී ඔහු බොහෝ කාලයක් නිදාගෙන ඇති බව තේරුම් ගත්තේ ය.....

.

.

ඒ අතරේම දොරට ගහන ශබ්දයට මදක් වික්ෂිප්ත වූ යුන්ගි හෝසෝක්ගෙන් ආ ඇමතුමට පිළිතුරු දෙන අතරේ ගියේ දොර ඇරීමට යි......

.

.

ඉදිරියෙන් නැම්ජූන් සිටියත් ඇමතුමේ හෝසෝක් සිටියත් දෙදෙනාගෙන්ම එකම වචනය පිට වීම නිසා ඔහුගේ හෘද ස්පන්දය වැඩි වුණේ ඔහුගේ අතින් දුරකථනය මිදී යද්දි........ කුතුහලයත්, බියත් හදවතට තවත් වේදනාවක් ගෙනෙද්දි එය නොතැකූ යුන්ගි ආවේගයෙන් නැම්ජූන්ගේ කොලරයෙන් අල්ලා......

.

.

"ඇයි......හියුන්......ජිමින්ට මොකද......"

.

.

"නෑ කලබල වෙන්න දෙයක් නෑ..... එයා දැන් හොදින්........"

.

.

"ඇයි දැන් හොදින් කියන්නේ......."

.

.

"එයා සුයිසයිඩ් කරගන්න හදලා....."

.

.

යුන්ගිගේ දෙපා පිටුපසට ගියේ ඉබේටමයි...... බිත්තිය දිගේ රූටා වාඩි වුණු යුන්ගි දිගු සුසුමක් හෙලා මද වෙලාවක් දෙනෙත් පියාගෙන සිටියේ කදුලු බිදුවල පාලනය තමන්ගෙන් ගිලිහෙන බව දැනුනු නිසා..... නැම්ජූන් ඔහු දෙස පුදුමයෙන් බලා සිටින අතරේ........

.

.

"යුන්ගි......මොකෝ ඔච්චරටම බය වෙන්නේ......ආ.... එයාව ඔයාට වැඩක් නැත්තන් ඇයි ඔය තරම් කලබල වුණේ... ඇයි ඊයෙත් බීලම ගෙදර ආවේ... ආ.....ඔයාට ඕනේ ඔයා හින්දා ජීවිත ගොඩක් අනතුරේ දාන්නද......මොකක්ද ඔයාගේ මේ හැසීරීමේ තේරුම......"

.

.

දෑස් වසාම නැම්ජූන්ගේ කීමට සවන් දුන් යුන්ගි එකවරම දෑස් විවර කර නැම්ජූන් දෙස බලා ස්ථිර හඩකින්.........

.

.

.

"මට ජිමින්ව බලන්න ඕනේ......."

___________________________________________________

Next chapter

᯾𝑰𝑻'𝑺 𝒀𝑶𝑼 𝑨𝑵𝑮𝑬𝑳᯾ʸᵒᵒⁿᵐⁱⁿWhere stories live. Discover now