CHAPTER 1 ❣️MEMORIES❣️

34 6 12
                                    

Author's POV

පාසල් සිසුන්ගෙන් පිරිච්ච indoor stadium එකක් ඇතුලෙ කරට කර සටනක ඉන්න තරඟකාරයො දෙන්නෙක්. එක්කෙනෙක් අනිත් කෙනාට දෙවනි නොවන සටනක්. එක තරඟකාරයා තමන්ගෙ ඊතලයක් අතට ගත්තා. ඉලක්කය අරගෙන ඊතලය මුදා හැරියෙ සරාගී බැල්මකින් ක්‍රීඩා පිට්ටනිය දිහාම බලලයි. ඊතලය ඉලක්කයෙ වදිනකොට ඔහු තමන්ගෙ ප්‍රතිවාදියට යොමු කලේ අපහාසය මුසු බැල්මක්.

ප්‍රතිවාදියගේ අපහාසය මුසු බැල්මට අපහසය මුසු සිනහවකින් සංග්‍රහ කල අනිත් ක්‍රීඩකයා තමන්ගෙ ඊතලය මුදා හැරියෙ සුලඟටත් වඩා වේගයෙන් ගොස් ප්‍රතිවාදියගේ ඉලක්කයට වඩා හොඳ ඉලක්කයක් ලබාගෙන.

ක්‍රීඩාගාරය පුරාම ඔල්වරසන් හඬෙන් පිරිලා යද්දි අංක පහ ක්‍රීඩකයා තමන්ගෙ ප්‍රතිවාදියට සංග්‍රහා කරේ කෝපය මුසු බැල්මක්. තරඟය ආවසානයේදි  ප්‍රතිවාදියට සිනහවකින් සංග්‍රහ කරපු අංක තුන ක්‍රීඩකයා තමන්ගෙ නිවාසෙ පැත්තට ඇවිදගෙන ගියේ ප්‍රතිවාදියගෙ කෝපය මුසු බැල්ම දූවිල්ලක් තරම්වත් මායිම් නොකර.

චෝයි ආහී. කොරියාවෙ ආරක්ෂක ඇමති චෝයි ජන්ග් හොංගේ දුව. Blue shine high school එකේ Archery champion. දුන්නයි ඊතගෙයි house එක ලඟ හිටපු කොල්ලෙක්ගෙ අතට දීලා ආහි හැරුනෙ එයාගෙ හොඳම යාලුවගෙ පැත්තට.

Evil smirk එකකින් ආහි දිහා බලාගෙන හිටපු ඒ ඇස් හැරුනෙ ඈතින් ඇවිදගෙන ආපු ආහිගෙ ප්‍රතිවාදියා කිම් ටේහෙයොන්ට. ආහීගෙ ඇසුත් ඒ පැත්තට යොමු උනේ හදවත අමුතු තාලෙකට ගැහෙද්දි.

කොල්ලො හයදෙනෙක් පිරිවරාගෙන ආපු ටේහෙයොන් ආහි ඉස්සරහින් නැවතුනා. කොල්ලට හිනාවකින් සංග්‍රහ කරපු ආහිත් කොල්ලා ඉස්සරහට ගියේ කෙල්ලගෙ යාලුවා යොන්දෝ එක්කමයි.

🍀 ඉතින් කිම් ටේහෙයොන් ඔයා විසි එක්වෙනි වතාවටත් මට පරාද උනා.

🐯 තමුසෙට මම....

ආහිට ගහන්න පැන්න ටේහෙයොන්ගේ නලලට දබර ඇඟිල්ල තියපු ආහි කොල්ලව තල්ලු කරේ අඩියක් දෙකක් පිටිපස්සට යන විදියට.

🍀 වැඩිය නටන්න ලෑස්ති වෙන්න එපා කිම් ටේහෙයෝන්. දැන්වත් මාත් එක්ක රන්ඩු කරන් එක නවත්තලා වැඩක් බලා ගන්නවා. අඩුම තරමේ සොන්හී ආන්ටි ගැනවත් හිතලා.

I'M FINEWhere stories live. Discover now