Tae's POV
අද ටිකක් වේලාසන school එකට ගිහිල්ලා බලාගෙන හිටියෙ කෙනෙක් එනකම්. ඒත ඒ අතරේ මං දැක්කා ආහි හිමින් සැරේ කොරිඩෝ එක දිගේ ඇවිදගෙන එනවා. එයා අද යන්නෙ වෙනද වගේ නෙවෙයි.
එයාට මොකක්හරි ප්‍රශ්නයක්ද දන්නැ. ආයිෂ් ටේහෙයොන් ආහි තමුන්ගෙ තරහ කාරයා කියලා අමතක වෙලද. ඒත මගේ හිත කියන්නෙම ආහිගෙ පස්සෙන් ගිහිල්ලා එයාට ප්‍රශ්නයක්ද කියලා බලන්න කියලා.
ඔන්න ඔහේ ඕන බනානා මිල්ක් එකක්. මං එයාට නොදැනෙන්න හිමීට පස්සෙන් ගිහිල්ලා බලනවා. මං ආහිගෙ පිටිපස්සෙන් ගිහිල්ලා බැලුවා. එයා නැවතුනේ lockers තියන තැන.
ආහි locker එකෙන් පොත් ටිකත් අරගෙන ඒක වහලා හිටගෙනම locker එකට ඔලුව තියාගෙන ඇස් දෙක පියාගත්තා. ආහිට අසනීපයක්ද. එයා කවදාවත් මෙහෙම ඉන්නවා දැකලා නැ.
මං අද දවසම ආහිට නොදැනෙන්න එයාව follow කරා. කොහේ දැනගන්නද මේ කෙල්ල ඉන්නෙ සිහියයි අසිහියයි අතරේ වගේ. පඩිපෙල බැහැගෙන යනකොට ආහි එකපාර වැටෙන්න යනකොට මමයි පැනලා අල්ලගත්තේ.
හැල්මොනීට බාස්මතී හාල් ගරන්න. මේකිගෙ ඇඟේ රස්නේ. ඇඟ රස්නෙ වෙලා මෙහෙම වෙනවට මොකද්ද කියන්නෙ. ආ හරි ඒකට කියන්නෙ උණ හැදිලා කියලනේ.
ආහිට පිස්සුද උණ හදාගෙන school ඇවිත් තියෙන්නෙ. ලෙඩ උනාම ගෙදරට වෙලා rest කරන්නෙ නැතුව මොන බනානා මලකට school එනවද මන්දා. මමත් ඉතින් හොඳවයින් ජාතිය අමතන්න ලෑස්ති උනා.
🐯 ඒයි තමුසෙට පිස්සුද උන හදාගෙන school එන්න.
🍀 යා කිම් ටේහෙයොන් මට ඇති උනක් නැ. අත ගන්නවා මගේ ඇඟෙන්
කටේ සද්දෙ බලහන්කො. අඩි දෙක තුනක් යන්න පන නැ. ඒ උනාට කට නම් තියනවා.
🐯 නැ. නැති හින්දා වෙන්නැති තමුසෙ මෙච්චර රස්නෙ. මෙහේ එනවා sick room එකට එක්කගෙන යන්න.
🍀 මට යන්න ඕන ඇති sick room එකක් නැ. අනික මම යන තැනක තනියෙන් යන්නං. ඔහේගෙ උදව් ඕන නැ.
🐯 අඩි දෙකක් යන්න පන නැ තමුසෙට. කතාව නං තියනවා. තමුසෙ ඊයෙ වැස්සටවත් තෙමුනද?
YOU ARE READING
I'M FINE
FanfictionLoss of love is always a combination of pain and suffering. How can Ahi, who has a naughty heart and loves a naughty heart, love him ....