Aa Hee's POV
Phone එකට ආපු notification එක දැක්කම මට දෙලොව රත් උනා.
"Finance Minister Kim announced today that he will be marrying Miss kwon, the deputy principal of blue shine high school."
කිම් uncle මේ කරන්න හදන වැඩේ නවතින්නෙ ලොකු ප්‍රශ්නයක් ඇති කරලා. News alert එක දැක්ක ගමන් මට මතක් උනේ ටේව. එයා පිස්සු නටනවා ඇති. සොන්හී ආන්ටී නැති උනාට පස්සේ එයා පිස්සු නටපු හැටි මට හොඳටම මතකයි. ජින් ඔප්පට එයා ටිකක්වත් control උනත් එයා වෙන කාටවත් control කරන්න බෑ.
මම school එක පුරාම දිව්වෙ ටේව හොයන්න. මුලු school එක පුරාම ඇවිද්දත් මට ටේව හොයාගන්න බැරි උනා. දැන් නම් පිස්සු වගේ. එයා කොහේ ඉන්නවා ඇද්ද. මට එකපාර මතක් උනේ school එකේ තියන මේපල් ගහ. එතන ගොඩක් ලස්සනයි වගේම එතනට යන්න පුලුවන් අපිට විතරයි. ඔම්මා මතක් තමයි ඒ ගහ හිටෙව්වේ. ඒක නිසාමයි මම කාටවත් එතනට යන එක තහනම් කරේ.
මම පුලුවන් තරම් ඉක්මනට දිව්වෙ මේපල් ගහ ලඟට. මේපල් ගහ පේන මානේ ඉඳගෙන මම බැලුවේ එයා ඉන්නවද කියලා. එයා එතන හිටියා. මේපල් ගහට අත මිට මොලවලා ගහනවා. අත තුවාල වෙලා ලේ ගලනවා. මට පපුව කීරි ගැහෙන තරමට රිදෙනවා. අවුරුදු හතරකට කලින් මම හැසිරුනොත් ඔය විදියටමයි. මම පිස්සෙක් ගානටම වැටුනා.
මම දුවගෙන ගියේ ටේ තවත් තුවාල කරගන්න කලින් එයාව නවත්තන්න. මම දුවගෙන ගිහිල්ලා අතින් ඇදලා කන රත්වෙන්න පාරක් දුන්නෙ පිස්සු බල්ලෙක් වගේ හැසිරෙන මිනිහෙක් නවත්තන්න පුලුවන් හොඳම විදිය කන රත් වෙලා යන කම්මුල් පාරක් කියලා ඔප්පා කියපු නිසා. කම්මුලත් අල්ලගෙන ටේ මගේ දිහා බැලුවා.
ඇස් රතුවෙලා. කම්මුල් රෝස පාට වෙලා. අතෙන් ලේ ගලනවා ඉවරයක් නැතුව.
🍀 තමුසෙට පිස්සු හැදීගෙන එනවද ටේහෙයොන්
මම සද්දෙට එයාගෙන් ඇහුවා.
🐯 ඔව් පිස්සු. මට පිස්සු.
ටේ කෑගහලා එහෙම කියනකොට මම ආයෙමත් කම්මුල රත් වෙන්න දුන්නේ මේ යකාව control කරන්න ඕන නිසා. ආයෙමත් මගේ දිහා යක්ෂයෙක් වගේ රවලා බැලුවා. දැන් නම් ගිනි පිඹින මකරෙක් වගේ. එහෙමයි කියලා මම බය වෙනවද මේ මිනිහට.
YOU ARE READING
I'M FINE
FanfictionLoss of love is always a combination of pain and suffering. How can Ahi, who has a naughty heart and loves a naughty heart, love him ....