Author's POV
ආහි දඟලපු විදියට යොන්දෝට balance නැතිවෙලා දෙන්නම room එක මැද්දෙ ගෙම්බා ගැහුවා වගේ බිමට වැටුනා. වැටුන පාරට ආහී යොන්දෝගෙ ඇඟ උඩ. මුකුත් නොදන්න ආහී තාමත් නිදිමතේ. S
🦅 ආයිෂ්.. යකෝ මගේ කොන්ද. බැහැපන් ආහී බිමට
යොන්දෝ බිම වැටුන පාර අත පය හතර අතේ දාගෙන බෙරිහන් දෙනවා. නිදිමතේ හිටපු ආහී හරි සිහියට ආවේ යොන්දෝ බෙරිහන් දෙනකොට.
🍀 යොන්දෝ මේ මොකද උනේ. ඔයා බඩගාන්න පුරුදු වෙනවද ආයෙමත්
ආහී යෝන්දොගෙන් අහනකොට යොනදෝගෙ මූන අහක බලාගෙන දාපු කිම්චි එකක් වගේ උනා.
🦅 නෑ මම මේ ටයිල් එකේ බිංකුන්ඩෝ ගනන් කරනවා. බැහැපන් ගෑනියේ බිමට. තෝ මාව වට්ටලා මගේ ඇඟ උඩ වාඩිවෙලා මගෙන් ආතල් ගන්නේ.. බැහැපන් ආහී බිමට
එතකොට තමා ආහිට තේරුනේ ආහී මෙච්චර වෙලාවක් ඉඳලා තියෙන්නෙ යොන්දෝගෙ ඇඟ උඩ කියලා. ආහී ඉක්මනට නැගිටිනකොට හදිස්සියට යොන්දෝගෙ අත ආහිට පෑගුනා.
🦅 ආයි අම්මෝ... මගේ අත...
ආහී මොංගල් හිනාවක් දාගෙන යොන්දෝගෙ ඇඟ උඩින් නැගිටලා යොන්දොව නැගිට්ටුවා.
🦅 wash එකක් දාගෙන එන්න ඉක්මනට. ගමනක් යන්න තියනවා
🍀 මෝ.. කොහෙද යන්නේ?
ආහී පුදුම වෙලා ඇහුවේ යොන්දෝ කවදාවත් නැතුව ආහී එක්ක ගමනක් යන්න කතා කරපු නිසා.
🦅 ප්‍රංශ එලිච්චියක් වගේ බලාගෙන ඉන්නැතුව ගිහිල්ලා ලෑස්ති වෙනවා
යොන්දෝ අත පය විසිකරලා කෑගහනකොට ආහි bathroom එකට රිංගුවා. පැය භාගෙකින් විතර ලෑස්ති වෙලා ආහි යොන්දෝ එක්ක breakfast ගන්න ආවා. Living room එක පැත්තෙන් කට්ටියක් කතා කරන සද්දයක් ආපු නිසා ආහි යොන්දෝ එක්ක ඒ පැත්තට ගියා. ආහි දැක්කෙ යූරා හේමිගෙ යාලුවො එක්ක කතා කරනවා.
මාව දැකපු හේමිගෙ යාලුවොන්ගෙන් කෙනෙක් කෙනෙක් මට කතා කරා.
💧 hey sweetie ඔයා කවුද?
🍀 ආන්ටි මම ආහී. හේමී මං ගැන කියලා ඇති. ඒක නෙවෙයි ආන්ටී ඔයා නේද අර bar එකේ owner?
YOU ARE READING
I'M FINE
FanfictionLoss of love is always a combination of pain and suffering. How can Ahi, who has a naughty heart and loves a naughty heart, love him ....