CHAPTER 2 🏹 ARCHERY 🏹

24 5 27
                                    

Tae's POV

අද school එකේ Archery compilation එක. හැම අවුරුද්දෙම වගේ finals වලට select උනේ මමයි ආහියි. ආහි archery වලට ගොඩක් දක්ෂයි. ආහිගෙ target එකක් දශමයක් එහා මෙහා වෙන්නෙත් නැති තරම්. එයාගෙ target එකක් miss වෙනවා කියන්නෙ ඒක අටවෙනි ලෝක පුදුමෙ වෙනවා.

ආහි අදත් මාව පැරැද්දුවා. අවුරුදු හතරක් තිස්සෙ ආහි මාව archery game එකෙන් පරාද කරනවා. අද මං එයාට විසි එක්වෙනි වතාවටත් පැරදුනා. ආයිෂ් මට එන කේන්තිය.

ආහි එයාගෙ target එකට arrow එක යවලා මට හිනාවෙච්ච විදිය. ඒකිට කොහෙන් ආපු අයිතියක්ද මට එහෙම හිනාවෙන්න. මං game එක ඉවර කරලා හියෙන්ලා හිටපු තැනට ගියා.

මං හියොන්ලා එක්ක ආහි ඉන්න තැනට ගියේ එයාට හොඳවයින් දෙක තුනක් කියලා එන්න. ඒත් මට කලින් ආහි කතා කරන්න ගත්තා.

🍀 ඉතින් කිම් ටේහෙයොන් ඔයා විසි එක්වෙනි වතාවටත් මට පරාද උනා.

මේකි මං කවුරු කියලද දන්නැ හිතාගෙන ඉන්නෙ. මං ආහිට ගහන්න ඉස්සරහ පැන්නා.

🐯 තමුසෙට මම....

ඒත් මට ගහන්න බැරි වෙන්න ආහි මගේ නලලට ඇඟිල්ල තියලා මාව පිටිපස්සට තල්ලු කරලා දැම්මා. එක පාරට මං තල්ලු වෙලා ගිහිල්ලා ජිමිනගෙ ඇඟෙත් වැදුනා. මේකි ඉබි මස් කනවද දන්නැ.

🍀 වැඩිය නටන්න ලෑස්ති වෙන්න එපා කිම් ටේහෙයෝන්. දැන්වත් මාත් එක්ක රන්ඩු කරන් එක නවත්තලා වැඩක් බලා ගන්නවා. අඩුම තරමේ සොන්හී ආන්ටි ගැනවත් හිතලා.

ආහි අන්තිමට කියපු දේ මගේ හිතට දැනුනේ පිහියකින් පපුව පාසාරු කරනවා වගේ. ආහිගෙ ඇස් දිහා විනාඩි ගානක් බලාගෙන හිටපු මං අමාරුවෙන් කඳුලු පාලනය කරගත්තෙ කෙල්ලෙක් ඉස්සරහා අඬලා මගේ තත්වෙ බාල්දු කරගන්න අකමැති හින්දා.

මිනිස්සුන්ගෙ ජීවිතේට පසුතැවීම් තියනවා කියලා මං දන්නවා. මං තාමත් පසුතැවෙනවා මං අවුරුදු පහකට කලින් කරපු වැරුද්දකට. ඒත් ආහි එයාගෙ ඇස්වල මම කවදාවත් දැකපු නැති දේ තමයි පසුතැවීම. මං දකින්න කැමතිම දේ මගේ තරහකාරයොන්ගෙ පසුතැවීම. විෂේශෙන්ම ආහිගෙ.

අද වෙනකම් මට මෙල්ල කරන්න බැරි උන එකම කෙල්ල ආහි විතරයි. ආහි දඩබ්බරයි. සෙල්ලක්කාරයි. කටකාරයි ගොඩක් හිතුවක්කාරයි. ඕනවටත් වඩා ලස්සනයි. ඒ හැමදේටමත් වඩා එයා කාටවත් second වෙන්න කැමති නැ.

I'M FINEWhere stories live. Discover now