fight for her

173 29 2
                                    

Jk pov

අද මම ඔෆිස් ආවේ අරා එන්නේ නෑ කියල  දැනගෙන උනත් මගෙ හිතේ බලාපොරොත්තුවක් තිබ්බා එය ඇවිත් ඉදී කියල.මම කැබින් එකට යනකොට ගල් ගිල්ල මගෙ අනිත් සෙකට්‍රි බලන් ඉන්නවා...

ගුඩ් මෝනින් සර්......සර් අද ශෙඩූල් එක රෙඩි .ඒත්.......

මොකක්ද මිස්....?

මිස්ටර් පාක් ආයෙ මීටින් එකක් ඉල්ලනව..මම කිව්වා සර්ගෙන් අහලා දැනුම් දෙන්නම් කියලා.

පාක් ජේමින්ද?

ඔව් සර්.ඒ වගේම එයා කියන්න කිව්වා ලගදිම අරා  මිස්ව එය ලගට ගන්නවා කියලා.

එයා මීටින් එකක් ඉල්ලුවෙ ඒ ගැන කතාකරන්නද?

නෑ සර්..එයා කිව්ව ඇග්‍රිමන්ට් එක කැන්සල් කරපු එකට ගෙවන්න ලෑස්තිවෙන්න කියලා.

ම්ම්...අද වෙලාවක් තියෙනවද..

ඔව් සර් අද සර්ගෙ ලන්ච් එකෙන් පස්සේ වැඩක් නෑ.

ම්ම්.එහෙනම් එයාට  දැනුම් දෙන්න 2.00ට එන්න කියලා.ඒ වගේම සෙකියුරටිලට කියන්න එයාලව චෙක් කරන්නේ නැතුව ඇතුලට දාන්න කියලා.

හරි සර්.මම දැනුම් දෙන්නම්.

වෙන්න යන්නේ හොද දෙයක් නෙවෙයි කියලා දන්නවා උනත්
ජේමින්ට කතා කරන එක හොදයි කියල මම හිතුවා..දවසේ වැඩයි ,මීටින් අස්සෙයි හිරවෙලා මම හිටියේ හවස් වෙනකොට පිස්සෙක් වගේ.අරා වැඩට ආවේ දවස් 2,3ක් වගේ පොඩි කාලයක් උනාට කැබින් එකේ ඩෝ එක ඇරෙන හැමවෙලාවෙම මම එයාව බලාපොරොත්තු උනා......ඒ වගේම කෑම කනකොට වෙනද  තිබ්බ හිනාව ,කෑගැහිල්ලත් නැතිම වෙලා ගිහින්..ටේ හ්‍යුන් ,ජිමින් හ්‍යුන් මගේ කැබින් එක ඉස්සරහ තිබුන්  අරාගේ කැබින් එකට යනවා මම දෙතුන් පාරක් දැක්කා.....

දවල් 2.00 වෙනකොට මම මීටින් රූම් එකට ගියේ ගල් සෙකට්‍රි ඇවිත් ජේමින් ආවා කියල දැනුම් දීපු නිස.
මම ඇතුලට යනකොට එයා මාව බලාපොරොත්තුවෙන් බලාගෙන හිටියා........

හායි ....පාක් ජේමින්....

හෙලෝ මිස්ටර් ජියෝන් ජුන්ගුක්....

Midnight Bound (Werewolf Story)Tempat cerita menjadi hidup. Temukan sekarang