ඇය ගසක් යට හිඳ නිහඬවම වැලපෙන්නට වූවාය. ඇගේ දුක , කලකිරීම මිහිමත විසූ සෑම ප්‍රාණියෙකුටම එනම් ගස්වැල්වල සිට අලි ඇතුන්, පක්ශීන් ආදී සියල්ලන්ටම දැනෙන්නට විය. නමුදු ඇගේ පුත්‍රයාහට මේ කිසිවක් නොපෙනුනේය.
ඔහු මිතුදමින් අන්ධවී සිටි අතර සියල්ලන්ටම පෙනෙන සත්‍ය ඔහුට පෙනුනේ නැත..ඔහුට ඔහුගේ මිතුරා සියල්ලන්ටම වඩා උසස් වූ අතර මිතුරාට දුන් පොරොන්දු මවට වූ පොරොන්දුවලටද වඩා වටිනාකමින් වැඩිවිය.
නමුදු ඒ මිතුදමෙහි ගමනාන්තය ඔහුගේ අතිශයින්ම බිහිසුණු මරණය බව ඔහුට වටහාදීමට ඔහුගේ මව දැරූ සියලුම ප්‍රයත්න ව්‍යර්ථ විය.
************************************
BlossomFlowrer ඔයාගේ request එක
හොඳයිද බලන්න
❤
පොඩි කොටසයි දැනට ලිව්වේ..ඉතුරු ටික ඉක්මනට දෙන්නම්..කියවන අය පුලුවන් නම් හිතෙන දේ කියාගෙනම යන්න..
YOU ARE READING
" නොමඟ ගිය පුතු "
Historical Fiction" මා ඔබට පැවසුවා නොවේද? ඔවුන් ඇසුරු නොකරන ලෙස..කිමද ඔබ ඔබේ මෑණියන්ටත් වඩා ඔවුන්ව විශ්වාස කරන්නේ..කුමක්ද ඔවුන්ගේ විශේෂත්වය .." ඇගේ කදුළු සමත්වීද ඇගේ පුතුගේ සිතිවිලි වෙනස් කිරීමට... ධර්මය ආරක්ෂා කොට අධර්මය දුරලීමට මිහිමතට පැමිණි පියා ගිය මඟ යාමට එකඟව...