~ තීරණය ~

17 6 2
                                    

" මුර...මගේ විශිෂ්ඨතම සේනාපති ...තිබෙනවා ඔබට කාර්‍යයක් ඉටු කිරීමට ..පිටව යන්න..මනුලොව සහ ස්වර්ගයෙහි  සිටින  සියලුම අවිවාහක නමුත් විවාහ වීමට සුදුසු වයසෙහි පසුවන කන්‍යාවන් මා වෙත රැගෙන එන්න.."
නරකාසුරගේ විධානය පිලිබද ප්‍රශ්න කිරීම පසෙක තබා මුර තම ප්‍රධාන ආරක්ෂකයන් සමඟ පිටව ගියේය.

ඉන්පසු නරකාසුර නැවත ස්වර්ගය වෙත ලඟාවූයේ අදිති දෙවඟනගේ කරාබු යුගලය සොරාගැනීමටයි.. ඔහු එක් සේවිකාවක සේ මායාවෙන් වෙස්වලාගෙන ගොස් ඒ කාර්‍යය සම්පූර්ණ කල අතර නැවත පැමිණීමට පෙර එම ආභරණයන් අවශ්‍යනම් පැමිණ තමා හමුවන ලෙස දැන්වීමටද ඔහු අමතක කලේ නැත.

මුර තමන් බාරගත් කාර්‍යය මනාසේ ඉටුකල අතර නරකාසුර ස්වර්ගයෙහි සිට පැමිණ හෝරාවක් ගතවීමට මත්තෙන් ඔහු කන්‍යාවන් සොළොස්දහස් එකසියයක් රැගෙන ප්‍රජ්‍යෝතිශය වෙත පැමිණියේය. එම තරුණියන්ගේ හැඬුම්හඬ කාමාක්‍යා දේවියගේ සිත කැබලිකිරීමට සමත්විය.නමුදු ඇය කෙසේහෝ මේ තරුණියන් අසුර රජු සමඟ විවාහවීමෙන් වලක්වන බවට ඈ ඉටාගත්තාය.

ඔවුන්ගේ හැඬුම්හඬ කාමාක්‍යා දේවියට පමණක් නොව පාර්වතී දේවියටද දරාගත නොහැකි වූ අතර ඇය ඉක්මනින්ම විශ්නු දෙවියන් සොයා වෛකුණ්ඨය වෙත පැමිණියාය.නරකාසුරගේ සොරකම පිලිබද තතු රැගෙන ඒවනවිටත් දේවමාතාව එහි පැමිණ සිටියාය.

" නරකාසුරගේ පාපයන් දැන් බොහෝසේ වැඩිවී තිබෙන්නේ..ඔහුව පාලනය කල නොහැකියි ..ඔහුව පරාජය නොකලහොත් සම්පූර්ණ විශ්වයම වැනසී යාවි..ඔබ පවසනවා නොවේද ඔබ සෑමවිටම අධර්මය දුරලා ධර්මය පැතිරවීමට පියවර ගන්නා බව..මේ එයට කාලය නොවේද නාරායන් .." පාර්වතී දේවියගේ ආරාධනාවට විශ්නු දෙවියන්  සිනාමුසු මුහුණින්ම පිලිතුරු දුන්නේය.

" ඔබට පිලිතුර දැනගැනීමට අවශ්‍යද මගේ ප්‍රිය සහෝදරියනි .." එලෙස පැවසූ නාරායනයන් තම අසුනින් නැගී සිටියේය.

" මා පැමිණෙනවා, නැවත නැවතත්,  ධර්මය වැනසෙන විට..
මා පැමිණෙනවා , නැවත නැවතත් ,අධර්මය රජයන විට..
මා පැමිණෙනවා ,නැවත නැවතත් , සත්පුරුෂයින් ආරක්ෂා කොට දුෂ්ටයන් වැනසීමට..
මා උපදිනවා යුගයෙන් යුගයට ධර්මය රැකගැනීමට.."

" නොමඟ ගිය පුතු " Donde viven las historias. Descúbrelo ahora