~ නැවත හමුවීම ~

16 5 2
                                    

බ්‍රහ්ම දෙවියන්ගේ උපදෙස් මත නරකාසුර නීරාචල් පර්වතයට ගොස් එහි ශක්ති කේන්ද්‍රයෙහි ශක්ති දෙවඟනගේ ප්‍රතිමාවක් ඉදිකලේය.ඔහු සෑම දිනකම උදෑසන සහ සන්ධ්‍යා පූජාවන් පවත්වමින් ස්තෝත්‍ර ගායනා කරමින් ශක්ති දෙවඟන හමුවීමට ප්‍රාර්ථනය කලේය. ශක්ති පීඨයේ බලපෑම නිසාවෙන් නරකාසුරගේ සිත භක්තියෙන් පිරීතිබූ අතර අසුර සිතිවිලි ඔහුගේ මනසෙහි හට නොගත්තේය.
දින සති බවට පත්ව සති මාස බවට පත්විය. වසර කිහිපයකට පසු දිනක් කාමක්‍යා දේවිය නරකාසුරහට තම දිව්‍යමය දර්ශනය ලබාදුන්නාය. එසේම බ්‍රහ්ම දෙවියන් පැවසූ ආකාරයටම නරකාසුර හට ප්‍රජ්‍යෝතිශය (කාමපුරය) රාජධානිය ලෙස ලබාදුන්නාය. එසේම දිව්‍යමය  අවි සහ මායාවී ශක්තීන්ද ඇගෙන් ආශිර්වාද ලෙස ලබාගත් නරකාසුර එලෙස අපරාජිත රජකු ලෙස තම රාජ්‍යපාලනය ආරම්භ කලේය.

ශක්ති දෙවඟනගේ ආශිර්වාදය සහ නරකාසුරගේ විශිෂ්ඨ පාලනය හේතුවෙන් ප්‍රජ්‍යෝතිශය සියලු සැප සම්පත්වලින් සපිරි රාජධානියක් විය. නරකාසුර සාධාරණ රාජ්‍යපාලකයකු වූ අතර ඔහුගේ රටවැසියන්ට ඔහු ගැන පැවසීමට තිබුණේ යහපත් දේම පමණි.ඔහු සෑම දිනකම ආරම්භය සහ අවසානය කාමාක්‍යා දේවියගේ දෙවොලෙහි සිදුකල අතර තම දිනයේ සිදුවූ සියල්ල එහිදී ඔහු ඇයට පැවසීමට වගබලාගත්තේය.
තම පුත්‍රයා මෙලෙස පරිවර්තනය වීම වසුන්දරාවගේ සිතට අස්වැසිල්ලක් වුවද එය කුණාටුවක් හැමීමට පෙර පරිසරයේ පවතින සන්සුන්බවක් බව ඇගේ සිත මිමිණීය. නමුදු කාමාක්‍යා දේවියගේ ආශිර්වාදය හේතුවෙන් තම පුතු කිසිදු වරදකට නොපෙලබෙනු ඇතැයි ඈ විශ්වාස කලාය.

මෙලෙස බොහෝ කලක් ගතවිය. එය වසර ගණනින් ගිනිය නොහැකි තරම්වූ අතර මේ වනවිට කල්පයෙහි පලමු යුගය එනම් සත්‍ය යුගය ගෙවීගොස් දෙවන යුගය වූ ත්‍රේත්‍රා යුගයෙහිද බොහෝ කලක් ගෙවී ගොසිනි.

මේ සමය වනවිට විශ්නු දෙවියන්ගේ පස්වන ස්වරූපය වන වාමන දෙවියන් විසින් නරකාසුරගේ මිත්‍ර බානාසුරගේ පියාවූ මහාබලී රජු පාතාල ලෝකය වෙත පිටුවහල් කර තිබිණි. එමඟින් අතිශයින්ම කෝපයට පත්වූ බානාසුර ශිව දෙවියන් උදෙසා උග්‍ර තපසක් ආරම්භ කොට ලබාගත් ඔහුගේ ආශිර්වාදය දුර් උපයෝගී කරමින් මනුලොව රාජධානි තමා සතුකරගැනීමේ යෙදී සිටියේය. එවන් මොහොතක ඔහුට ඔහුගේ මිතුරා නරකාසුර පිලිබඳ තොරතුරු ලැබුනේ..

" නොමඟ ගිය පුතු " Onde histórias criam vida. Descubra agora