~ අසුර අධිරජු ~

20 6 4
                                    

***** සෝනිත්පුරය ****

දින කිහිපයක්ම නැටුම් ගැයුම් වැයුම් මැද ගෙවුණු අතර නරකාසුර සිටියේ වෙන කවදාවත් නොවූ තරම් ප්‍රීතියෙනි. ඔහු මධුපානයට බොහෝසේ ප්‍රිය කල නිසාම බානාසුර ඔහු වෙනුවෙන්ම වෙනම මධු බඳුන් පිලියෙල කලදුන්නේය. බානාසුරගේ පතිනිය අම්බාවතී බිසව කිසිලෙසකත් මෙයට ප්‍රිය නොකල අතර ඇය දිනයේ වැඩිකලක් පූජාකුටියට වී සිටීම නරකාසුරහට තම මෑණියන් සිහිපත් කරවීමට සමත් විය.

" මා දැන සිටියේ නැහැ ඔබ මෙතරම් බලවත් වූයේ ඔබේ පියා නිසා කියා..ඔහ් ඔබ දේව පුත්‍රයෙක් කුමටද මෙහ්..එහ්..වගේ අසුරයෙක් ආශ්‍රය කරන්නේ...මිත්‍රයා ..ඔය විශ්නු සිටිනවා නොවේද? ඔහු බොහෝම කපටියි..මේ අපටත් වඩා කපටියි..ඔහු එක එක වෙස් අරගන්නවා...ඔබ දන්නවාද ඒක..ඔහ්..ඔබ දන්නවා..ඔබේ පියාත් ඒ වේශයක්නේ..ඔබට මා මේ පවසන්නේ..ඔහු කෙතරම් කපටිද කියා..ඔහු මගේ මුතුන්මිත්තන් බොහෝම දක්ශ බලවත් අසුර අධිරාජ්‍යයන් හිරන්‍යාක්ශ , හිරන්‍යකශ්‍යපු මරා දැමුවා..එසේම මගේ පියා..මගේ නිර්ලෝභී පියා ඔහුවත් එලවා දැමුවා පාතාලයට..ඔවුන් පවසනවා ඔවුන් උසස් ධර්මය අනුවයි කටයුතු කරන්නේ කියා..නමුත් ...ඔබ දන්නවාද මිත්‍රයා ...අර ඉන්ද්‍ර ..ඔහු කිසිවක් හරියට කරකියා ගැනීමට දන්නේ නැහැ..ඔහු දන්නා එකම දේ අසුරයන් ඔවුන්ට තර්ජනයක් කියා හිතුනු ගමන් ඔය විශ්නු එහෙම නැතිනම් අර දේව සේනාධිපතිට දුක කියලා ඔවුන්ව සටනට පොලඹවන එක..."

නරකාසුරගේ මධුවිතින් අවුල් වූ මනස සහ ඔහුගේ මිතුරාගේ මුවින් පිටවන වදන් යන  දෙකම එක්ව ඔහුගේ සිහිබුද්ධිය අවුල් කරන්නට විය.නිසැකවම තම මිතුරා පවසන්නේ සත්‍යක් නම් මේ සියල්ලට වැරදි දෙවියන් නම්..නිසැකවම ඔහු කිසිදා ඔහුගේ පියා දැක නැත..එය සෑමවිටම ඔහුට වේදනාවක් විය.බානාසුරගේ වදන් එම කලකට පෙර වැසීගිය තුවාලයක් පෑරවීමට සමත් විය.තමන් කිසිදා තම මිතුරා අත්නොහැර ඔහුත් සමඟම සිටින බවට ඔහු අදිටන් කරගත්තේය.

" ඔබ බිය වන්නට එපා මගේ මිත්‍රයා ..මා සතුව තිබෙනවා වරයක් කිසිදා සත්‍ය නොවන..එමනිසා මා අමරණීයයි..එසේම කාමාක්‍යා දේවියගේ ශක්තිය එය මා අපරාජිත කරනවා..ඔබට තිබෙනවා මහාදේවයන් වරය..එසේම අත් දහසක් ..අපට හැකියි සියල්ලම නැවත නිවැරැදි කිරීමට.." නරකාසුරගේ තිර අදිටන ඔහුව ඔහුගේ මරණය කරාගෙන බව ඔහු කෙසේනම් දැනගන්නද?

" නොමඟ ගිය පුතු " Where stories live. Discover now