අවසන ක්‍රිශ්ණා දෙවියන් සහ සේනාව ප්රජ්යෝතිශය වෙත ලඟාවූ අතර එහිදී අවසන් සටන ක්‍රිශ්ණා සහ නරකාසුර අතර සිදුවීමට නියමිතවිය. නරකාසුර යුග ගණනාවක් ජීවත්ව සිටි නිසාම ඔහු සතුව බොහෝ බලයන් තිබිණි .එමෙන්ම ඔහු කාමාක්යා දේවියගෙන් ලබාගත් දිව්‍යමය ආයුධ සහ ශක්තීන්ද බොහෝවිය.එමනිසාම මේ සටන පහසුවෙන් අවසන් වන්නක් නොවන බවනම් පැහැදිලි විය..
හිරු උදාවත් සමඟ සටන ආරම්භ වූ අතර නරකාසුර අක්ෂෞහිනී එකොළහට ආසන්න සේනාවක් සමඟ සටනට පිවිසියේය.සටන දරුණුලෙස දිගින් දිගටම පැවති අතර දින සති බවට පත්වද්දී ක්‍රිශ්ණා දෙවියන් කාමාක්යා දේවියගේ සහය පැතීය.නියමිත අවස්ථාව එලඹි විට තමන්ගේ සහය ක්‍රිශ්ණා දෙවියන්ට හිමිවන බවට ඇය පැවසූ අතර එය ක්‍රිශ්ණා දෙවියන්හට මහත් සහනයක් වූයේ නිකරුණේ ජීවිත විනාශවීමට ඉඩදී බලාසිටීමට ඔහුට නොහැකි බැවිනි.
තමන් සතු මායාවන් සහ අසුර අස්ත්‍ර අවසන් වූ පසු නරකාසුර තමන්ගේ දිව්‍යමය අවි ක්රිශ්ණසේනා මතට යොමුකිරීමට විය.ඔහු පලමුව නාරායනස්ත්රය සටන සඳහා උපයෝගී කරගත්තද එය තම ස්වාමියා වූ නාරායනයන්ගේ ස්වරූපයක් වූ ක්‍රිශ්ණා සමඟ සටනට යාම වෙනුවට ඔහුගේ ගෙලෙහි පැලදි සුවදැති මල්මාලාවක් වීමට තීරණය කලේය.අනතුරුව නරකාසුර තවත් බොහෝ දිව්‍යමය අස්ත්‍ර භාවිතා කලද ක්‍රිශ්ණා දෙවියන් පහසුවෙන්ම ඒවා පරාජය කිරීමට සමත් විය.කෝපයෙන් සහ අහංකාරයෙන් වියරු වූ නරකාසුර තම ප්රහාරයන් සඳහා විනාශය ගෙන එන ප්‍රබල දිව්‍ය අවි යොදාගැනීමට උත්සුක විය.එලෙසයි ඔහු බ්රහ්මස්ත්රය ක්‍රිශ්ණා දෙවියන් වෙත යොමු කලේ..එනමුදු තවත් එක් බ්‍රහ්ම ස්වරූපයක් වූ ක්‍රිශ්ණා තමන්ගේ බ්රහ්මස්ත්රය මඟින් නරකාසුරගේ අස්ත්‍රය බලරහිත කිරීමට සමත්විය.නරකාසුර ඉන්පසු අග්නියස්ත්රය භාවිතා කළ නමුත් ක්‍රිෂ්ණා එය ඔහුගේ වරුණස්ත්රයෙන් පරාජයට පත් කළේය. කෝපයෙන් ගොරවමින් නරකාසුර ක්රිෂ්ණාහට මාරාන්තික නාගපාශය භාවිතා කළ නමුදු ක්රිෂ්ණ එය ගරුඩාස්රායෙන් බෙලහීන කිරීමට සමත්විය.. නරකාසුර තවමත් පරාජය පිලිගැනීමට සූදානම් නොවූ අතර බලාපොරොත්තු වූවාටත් වඩා දින ගණනක් සටන සඳහා ගතව තිබිනි.
නරකාසුර මේවනවිට බලරහිත වෙමින් සිටි අතර ඔහුගේ සේනාවන්ගෙන් ඉතිරිව තිබුනේ එක් අක්ෂෞහිනී සේනාවක් පමනක් විය.නමුදු පරාජය පිලිගැනීමට අකමැති වූ නරකාසුර තම අවසන් දිව්‍යමය අස්ත්‍ර සටන සදහා යොදාගන්නට තීරණය කලේය.
එම අස්ත්‍ර සටනේ අවසන් ජයග්‍රහණය තීරණය කිරීමට ඉවහල්වනු ඇත.
YOU ARE READING
" නොමඟ ගිය පුතු "
Historical Fiction" මා ඔබට පැවසුවා නොවේද? ඔවුන් ඇසුරු නොකරන ලෙස..කිමද ඔබ ඔබේ මෑණියන්ටත් වඩා ඔවුන්ව විශ්වාස කරන්නේ..කුමක්ද ඔවුන්ගේ විශේෂත්වය .." ඇගේ කදුළු සමත්වීද ඇගේ පුතුගේ සිතිවිලි වෙනස් කිරීමට... ධර්මය ආරක්ෂා කොට අධර්මය දුරලීමට මිහිමතට පැමිණි පියා ගිය මඟ යාමට එකඟව...