~ වෙනස්වූ ගමන් මඟ ~

17 6 2
                                    

මේ අතරතුර නරකාසුර සහ බානාසුර තම මිතුරන් සමඟ අසල පිහිටි ගම්මාන වෙත ගොස් වැසියන්ට හිරිහැර කරමින් සිටියහ. ඔවුහු බ්‍රාහ්මණයන්ගේ යාගයන් විනාශ කරමින් මිනිසුන්ට පහර දෙමින් ඔවුන් සතු සියලු දෑ සොරකම් කරන්නට වූහ.වින්දිතයන්ගේ හැඬුම්හඬ ඔවුන්ට ප්‍රීතිඝෝෂාවක් බඳු විය.

මෙලෙසිනුයි ඔවුන් ගම්මානයෙන් එපිට ගංගාතීරයෙහි පිහිටි තාපසාරාමයක් වෙත පැමිණියේ .. එහි සිටි බ්‍රාහ්මණයන් බිය වද්දා ඔවුන්ට හිරිහැර කිරීමට ඔවුන් දෙවරක් නොසිතීය. පූජකයන් බියෙන් ඒ මේ අත දිවගිය අතර බානාසුර සමඟ  එක්වූ නරකාසුර  යාගගින්නට කසල දමා එය අපවිත්‍ර කලේය. අනතුරුව ඔවුන් සුපුරුදු පරිදි ආශ්‍රමය තුල සොරකමේ යෙදීමට තීරණය කලහ.

ආශ්‍රමය තුල එහෙත් මදක් ඈතට වන්නට පිහිටි සරල කුටියක් වූ අතර එය මදක් ප්‍රමාණයෙන්ද විශාලවිය. නිසැකවම එය ගබඩාවක් වියහැකිබවට සැකකල නරකාසුර තනිවම එහි ඇතුලු විය. නමුදු ඔහුගේ පුදුමයට හේතුවෙමින් එහි මහලු බ්‍රාහ්මණයෙක් ධ්‍යානගතව සිටියේය. එම මහලු බ්‍රාහ්මණයාහට බාධා නොකොට තම කාර්‍යය වසන් කොට පිටව යාමට නරකාසුර තීරණය කලේය. කෙතරම් වැරදි සිදුකලද ඔහු ධ්‍යානගතව සිටින පූජකයන්ට හිරිහැර නොකිරීමට වගබලාගත්තේය. එය ඔහුගේ මෑණියන්ට අනුව පාපයකි . කුමක් සිදුකලත් අවසානයේදී ඔහු මෑණියන්ගේ පුත්‍රයායි..ඇගේ සිත මේ තරමින් හෝ රිදවීම ගැන ඔහු සිටියේ මදක් අසතුටින්..නමුදු ඔහුට අවශ්‍ය ඔහු ප්‍රිය කරන දේ කිරීමටයි..එයයි ඔහු මේ කරන්නේ..

නරකාසුර මඳවේලාවක් මහල්ලා දෙස බලාසිටි අතර පසුව කුටියේ වූ සියල්ලම එක් මල්ලකට දමාගෙන පිටවයාමට සිතා තම කාර්‍යය ආරම්භ කලේය.

නරකාසුර කෙසේවත් මෙම මහලු බ්‍රාහ්මණයා හදුනා නොගත්තේය. හඳුනාගත්තානම් ඔහු සොරකමේ යෙදීමට තබා මෙම කුටියට වත් ඇතුලු නොවනු ඇතිබව නම් විශ්වාසය..මන්ද මේ අන් කිසිවකු නොව මහා ඍෂි කාශ්‍යප විය. ඍෂි කාශ්‍යප සප්ත ඍෂිවරුන් අතරින් එක් අයකු වූ අතර ඔහු සුර ,අසුර ,නාග, ගරුඬ ආදී බොහෝ ගෝත්‍රයන්හි පියාද විය. ඔහු බලය මෙන්ම භක්තිය අතින්ද ඉදිරියෙන්ම සිටි අයකු වූ අතර ඔහුට විරුද්ධව නැගී සිටීමට කිසිවකු ඉදිරිපත් නොවීය. ඔහු නරකාසුර ආශ්‍රමයට ඇතුලු වූ මොහොතේ පටන් සිදුකල සියලුදේ වසුන්දරා දේවියට පෙනීමට සැලැස්වූයේ ඔහුගේ ධ්‍යානයේ ශක්තියෙනි.

" නොමඟ ගිය පුතු " Tempat cerita menjadi hidup. Temukan sekarang