~ උමතුව ~

19 6 2
                                    

මදිරාවෙන් මත්වූ ගතින් මෙන්ම කාමයෙන් මත්වූ සිතින්ද යුතුව නරකාසුර නැවත ප්‍රජ්‍යෝතිශය වෙත පැමිණියේය. ඔහු දෙවරක් නොසිතාම වැනි වැනීම කාමාක්‍යා දේවියගේ දේව මන්දිරය වෙත ගියේය..නමුදු ඇගේ අනුහසින් මන්දිරයට ඇතුලුවීමට නොහැකිව ඔහු පය පැකිලී බිම ඇද වැටුණේය..

" මෑණියනි , මෑණියනි , සහය වන්න මට නැගී සිටීමට.."
නරකාසුර නොනවත්වා ඔහුගේ මවට කතා කරන්නට වූ අතර මොහොතකින් ඔහුට පාසලඹක හඬ ඇසෙන්නට විය. ඔහු හිස ඔසවා බැලූවිට දුටුවේ ඔහු මෙතෙක් දැක ඇති සුන්දරම කාන්තාවයි.ඇය ඔහුට උයනේදී හමුවූ අප්සරාවට වඩා පවා සුන්දර වූ අතර ඔහුට ඇසිපිය සැලීමට පවා අමතක විය.

ඇය රන් හුයෙන් වැඩ දැමූ රත්පැහැ සාරියක් හැදසිටි අතර ඇගේ කඩාදැමූ කෙස්කලඹ ඉණටත් වඩා දිගින් යුතුවිය. හිසෙහි රැදි ඔටුන්න සහ නලල්පට ඇගේ කෙස්කලඹ තවත් සුන්දර කිරීමට සමත් විය. ඇගේ ගෙලවටා රැදි රන්මාලා, ඉඟවටා බැදි රන්පලදනාව මෙන්ම දෑතේ පැලදි ආභරණයන් පවා මනා නිමාවකින් යුතුවිය. ඇගේ මුහුණ පිපි නෙළුමක් බදුවූ අතර එහි කෙලිලොල් බවක්ද රැදී තිබිනි.

" නැගීසිටින්න..නරකාසුර .." ඔහුට නැගී සිටීමට සහය වෙමින් ඇය පැවසීය. ඇගේ හඬද ඇය මෙන්ම මධුර විය.  නරකාසුරගේ සියලු අසුර සිතිවිලි ඔහුගේ මනස ආක්‍රමණය කල අතර ඔහු සම්පූර්ණයෙන්ම ලෞකික ආශාවන්ගේ වසඟයට පත්විය.

" සුන්දර කුමරිය ..ඔබ සුදුසු මේ නරකාසුර වැනි ශ්‍රේෂ්ඨ අයෙකුගේ පතිනිය වීමට..මා සමඟ විවාහවන්න..ත්‍රිලෝකාධිපතිගේ පතිනිය වීමේ සෞභාග්‍යය භුක්ති විදින්න.."
එලෙසයි නරකාසුර ඔහුට සියලුම බලයන්, ශක්තියන් ලබාදුන්..ඔහු සෑමවිටම තම මව ලෙස සැලකූ කාමාක්‍යා දේවියට විවාහ යෝජනා කලේ..නිසැකවම ඔහු ඇගේ සුන්දර රූපය දෑසින් සහ මනසින් වර්ණනා කරද්දී ඇගේ නලල්පට පසුපස දක්නට ලැබුනු සින්දූර සලකුණ මෙන්ම ගෙල බැදි මංගල මාලය පවා ඔහුට අදෘශ්‍යමාන විය.

" ඇත්තටම ඔබට මා සමඟ විවාහ වීමට උවමනාද?..නැවතත් සිතා බලන්න..එය පහසු කාර්‍යයක් නොවෙයි..නමුදු ඔබ නම් පරාජය වන්නකු නොවෙයි වගේ.." ඇය ඔහුට අභියෝග කිරීම නරකාසුරට කෙසේවත් ප්‍රිය නොවූ අතර ඔහු දෙවරක් නොසිතා අභියෝගය භාරගත්තේය.

" නොමඟ ගිය පුතු " Where stories live. Discover now