Kook: අනේ හියුන්ගී එහෙන්ම හියුන්ගී කන ගමන් කුකී තත් කවන්න කෝ
Tae: මොකද්ද කියන්නේ
Kook: ඔයා කන ගමන් මටත් කවන්න. හී
Tae: පව් කියලා කෑම දෙනවා මදිවට තව කාවන්නත් කියනවද. මට බෑ. ඕනේ නම් කනවා.
එහෙම කිව්ව tae එයාගේ කෑම පංගුව අරන් සාලෙට ගිහින් කන්න පටන් ගත්තා.
Kook: පුදුම නපුරු මනුස්සයෙක්.ඕක පොඩ්ඩක් කවන්න බැරිද අනේ. නපුරා. අත හෝදන්න ඕනේ නැ අනේ. බිම වැටුණු කඩල ඇටේ අරන් පිහිදාලා කන මට මොන අත හෙදිලිද.
එහෙම කිව්ව කුකී එයාගේ කෑම ටික කන්න පටන් ගත්තා
කෑම කාලා ටීවී එහෙම බලලා ඉවරකරපු tae කුස්සියට ගියේ අත එහෙම හෝදාගෙන ඉක්මනට නිදාගන්න කියලා.
ඒත් කුස්සියට ගිය taehyung ට දකින්න ලැබුණේ කෑම මේසේ උඩ නින්ද ගිහින් හිටිය කුකී ව. කුකී ගේ ඒක අතක බාගයක් කාපු පීසා කෑල්ලක් තිබුණා. අනෙක් අත් හිස් සෝස් පැකට් එකක්. කට වටේ කෑම කුඩු. ඒ මදිවට අත්වල නියපොතු වල මුණේ කකුල් වල තීන්ත. ඒත් ඒ කිසි දෙයක් ගානක් නැතිව කුකී හොඳටම නිදී
ආශ් මේ කොල්ලා නම්
එහෙම හිටපු tae කුකී ගාවට ගිහින් එයාව ඇහැරවන්න පටන් ගත්තා.
"ඕයි jungkook නැගිටිනවා. බලනවා නිදන් ඉන්න විදිහ . නැගිටිනවා හාවෝ ඔය මූණ හෝදන් නිදා ගන්නවා.
ඒත් අපේ කුකී නැගිටිනවා ද. නෑනේ නෑනේ.
බැරිම තැන tae jungkook ගේ උරහිසෙන් අල්ලලා හොලවන්න පටන් ගත්තා. ඔන්න එතකොට නම් බොහොම අමාරුවෙන් ඇස් දෙක් ඇරපු කුකී ටික වෙලාවක් tae දිහා බලන් ඉදලා කතා කරන්න පටන් ගත්තා.
" අනේ නපුරු කොටියෝ . ඔයාගේ පුදුම නපුරුකම ක් නේ තියෙන්නේ. ඉස්සෙලත් අච්චර හොඳට නිදන් හිටපු එක ඇහැරුවා. මොකද්ද අනේ. නපුරා. ඔයා දන් නැ මන් කවුද කියලා. මන් තමා බුසන් හන්දියේ කුක්කා. මට underworld කනෙක්ෂන් තියෙනවා හරිය. දන් නෑ මන් ගැන ඔයා. හිතුනොත් මන් ඔයාගේ කාර් එකේ ටයර් වල හුලං යවනවා හරිත. ගේම නම් ගේම. අපේ සීයා තමා ඒ කාලේ හදට යන්න ඉදලා තියෙන්නේ. ඒත් හෙම්බිරිස්සාව හැදුන නිසා යන්න බැරි වෙලා. ඊට පස්සේ අපේ ආච්චි. අපේ ආච්චි තමා ටයිටැනික් එකේ රෝස් ට රඟ පාන්න ඉදලා තියෙන්නේ. ඒත් ආච්චිට පීනන්න බැරි නිසා එයා එකේ රඟපාන්න ගිහින් නෑ. ඔයා දන් නැ අපේ පවුලේ මෙව්වා ගැන. දැන් ඔව්වා කියවා කියවා ඉන්න බෑ මට නිදි මතයි."
YOU ARE READING
MY CRAZY FAN (Taekook)complete
FanfictionKim taehuyng කියන්නේ ප්රසිද්ධ බෑන්ඩ් එකක සාමාජිකයෙක්. Jungkook කියන්නේ taehuyng ට පිස්සුවෙන් වගේ ආදරය කරපු රසිකයෙක්. දවසක් jungkook ප්රසිද්ධියේ තැහ්යුන් ට ආදරේ ප්රකාශ කරනවා. ඒත් taehyng කියන්නේ ආදරේ ගැන විශ්වාස කරන්නේ නැති චරිතයක්. ජුංකූක් ට ඔහුග...