Chapter 10...

106 26 2
                                    


ඒත් එක්කෙනෙක්වත් ඒ ගැන නොකියා ඉන්න තරම් පරිස්සම් වුණා... මේ ක්ලාස් එකේ අන්තිම සතිය... එයා මාව මගඅරිනවා... ස්කූල් එකේදිත් එහෙමයි... ඇයි ඒ?... අපේ තව යාළුවෙක් හිටියා ජීසු... ටේයි මායි ජීසුයි තමා ක්ලාස් ගිහින් බස් එකේ එකට එන්නේ... එයා ජීසු එක්ක හොඳට කතා කර කර ඇවිත් බායි කියන එක කියන්නෙත්  මං කිව්වොත් විතරයි...

"ටේ ටේ... ඇයි මාව මග අරින්නෙ?..."

"බලනවකො ඕයි... තමුසෙගෙ හැටි..."

"හහ්?..."

"ජීසු කොයි තරම් ලස්සනද?... මං අද හෙටම කියනවා..."

"මොකක්ද ?..."

"මං එයාට කැමතියි කියලා..."

"ආහ්... චින්චා?..."

මන් ලාවට හිනා වෙලා කිව්වා... එයා මට එන්න එන්න රිද්දනවා... ඇයි ඒ?...

"ඔහ්... ටේ... අපි යමුද?..."

"Okay ජීසූ..."

එතනට ආපු ජීසු ටේ එක්ක යන විදිය මං බලන් හිටියෙ බොඳවුණු ඇස් වලින්... එයා මීට කලින් කවමදාකවත් මට ඒ විදිහට කතාකරලා තිබුනෙ නෑ...







ONE DAY| COMPLETEDWhere stories live. Discover now