ප්‍රේමය වනාහි අයිති කර ගැනීම නොවේ.. හුදෙක් එකිනෙකා වෙනුවෙන් කරනු ලබනා කැපවීම් රාශියක එකතුවකි...
අයිති කර ගැනීම... අත්පත් කර ගැනීම.. නොඑසේනම් හිමිකම් කීම.. සියල්ල ප්‍රේමයේ එක් අන්තයන් ලෙස විග්‍රහ කල හැකිය.. සැබැවින්ම ඒ තුළ ප්‍රේමයක් සුළුවෙන් හෝ අන්තර් ගත වන්නෙදැයි බොහෝ විට සැකයක් පවතී.. එබැවින් එයට ප්‍රේමය යැයි අර්ථ විග්‍රහ කිරීමට වඩා ආශාව යැයි අරුත් සැපයීම වඩාත්ම සාර්ථක වනු ඇත..
ආශාව.. රාගය.. ස්නේහය... සියල්ලගේම ඒ ඒ ප්‍රතිශයන්ගේත් ඒ ඒ අනුපාත වලිනුත් අඩු වැඩි වශයෙන් එකතු වූ සමස්ථය ප්‍රේමය නම් වේ... එය එක්තරා ආකාරයක සියල්ලන්ගෙම එකතුවක් වූ ආහාරයක් වැනිය.. ප්‍රේමය යනු වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම දිව ඔසුවකි... එනමුදු එකී දිව ඔසුව වස බිඳක්ව සියල්ල නසා දැමූ අවස්ථා නැතුවාම නොවේ..
ප්‍රේමයෙහි රස දන්නෙ එය අත් වින්දෝම වෙති.. එහෙත් ඉහත කී ප්‍රේමයෙහි රස දන්නො මොන යම් ආකාරයක හෝ බැඳීමක් ඇත්තෝම වෙති.. සැබැවින්ම ප්‍රේමයට නිශ්චිත වූ රසයක් නොමැත.. එය හුදෙක් එකිනෙකාට සාපේක්ෂ වන අතර එකිනෙකාගෙන් ආවේණික වූවකි.. යමෙකු ප්‍රේමය නිසා නිවී යන්නටත් තවකෙකු තම ආත්මයම ගින්නෙන් දවා ගන්නටත් හේතුව එයම විය හැකියි..
කෙසේ වෙතත් ප්‍රේමය යනු උත්තරිතර හැඟීමකි.. ප්‍රකාශිත හෝ අප්‍රකශිත හෝ වේවා ප්‍රේමය උත්තරීතරය..
වර්ණයක්.. හැඩයක් හෝ සීමා මායිම් නැති ප්‍රේමයේ අරුත දන්නේ හුදෙක් එය අත්වින්දෝම වෙති.. සීමා මායිම් වැට කඩොළු වලින් තොර ලොවක ප්‍රේමය විදින්නෝ ද සැබැවින්ම වාසනාවන්තයෝම වන්නේ එබැවිනි...
.
.
.
."ප්‍රේමයක්.. ආදරයක් ගැන අල්පමාත්‍රයකවත් නොදන්නෙකු ප්‍රේමය ගැනම පුරසාරම් කීම හාස්‍යයට හේතුවක්..."
අතෙහි ඇඟිලි අතර සිර වී තිබූ බාගයක් පමණ තින්ත ඉවර වෙමින් පැවතුණු පෑන පසෙකින් තබා ජිමින් තමන්ටම හිනා සිනහ වෙන්න විය.. ඒ සිනහව ඇතුලේ ගැබ් වී තිබූ ශෝකයත් උපහාසයත් මනා අයුරින් ඔහුගේම මුහුණෙන් පිටතට නිරාවරණය වන්නට වූවත් අවාසනාවකට මෙන් ඒ සිනහව පවා වියැකී ගියේ එයට ඒ සීතල කොපුලතර රැදෙන්න නම් වාසනාවක් නැති බව පසක් කරමින්..
YOU ARE READING
Once Again (jikook) || Slow Update
Fanfiction"නුඹට මමත්... මට නුඹත්.. එලෙස හමු නොවුවා නම්...." _Jeon Jungkook_ 1942 වර්ෂයේ එක්තරා නාසි සොල්දුවෙකුත් දහ අට වියැති කොලු ගැටයෙකුත් එකිනෙක මුණ ගැස්සවූ ඉරණම් කථාවකි... Start :- 2022 / 01 / 26 End :- 🚫Fanfiction only 🚫